ඔබේ ගූගල් ගිණුමට පිවිසීමේදී මුරපද අමතක වීම හෝ ගිණුම අගුළු වැටීම වැනි ගැටලුවලට මුහුණ දෙන අයට දැන් සුබ ආරංචියක් ලැබිලා තියෙනවා. ගූගල් සමාගම විසින් අලුතින්ම හඳුන්වා දී තිබෙන ‘සෙල්ෆි වීඩියෝ’ තාක්ෂණය හරහා, සාම්ප්‍රදායික ක්‍රම අසාර්ථක වන විට ඔබේ මුහුණේ හැඩරුව භාවිතා කර ගිණුම නැවත ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. මෙය මුරපද හෝ පාස්කී (passkeys) වෙනුවට ආදේශකයක් නොවෙයි, ඒ වෙනුවට ගිණුම ආරක්ෂිතව නැවත ලබා ගැනීමට ඇති අමතර පහසුකමක් විදිහට තමයි මෙය ක්‍රියාත්මක වෙන්නේ.
මෙම ක්‍රමය සැකසීමේදී ඔබ ඔබේ දුරකථනයේ ඉදිරිපස කැමරාවෙන් කෙටි සෙල්ෆි වීඩියෝවක් පටිගත කළ යුතුයි. එහිදී ඔබේ හිස විවිධ පැතිවලට හරවමින් මුහුණේ හැඩතල පද්ධතියට හඳුන්වා දෙනවා. කෘත්‍රිම බුද්ධිය (AI) හරහා සිදුවන වංචා සහ ව්‍යාජ වීඩියෝ (deep fakes) හඳුනා ගැනීමට මෙහිදී විශේෂ ආරක්ෂක පියවර රැසක් අනුගමනය කරනවා. ඔබ සැබෑ පුද්ගලයෙක් බව තහවුරු කර ගැනීමට පද්ධතිය මගින් පියවර කිහිපයක් අනුගමනය කරන නිසා, වෙනත් කෙනෙකුට ඔබේ ගිණුමට ඇතුළු වීම ඉතා අපහසුයි.
පෞද්ගලිකත්වය ගැන කතා කළොත්, ඔබ ලබා දෙන මෙම වීඩියෝ දත්ත ඉතා ආරක්ෂිතව සහ සංකේතනය කර (encrypted) ගබඩා කරන බව ගූගල් පවසනවා. ඔබට අවශ්‍ය ඕනෑම වෙලාවක මෙම දත්ත මකා දැමීමේ හැකියාවත් තියෙනවා. තාක්ෂණය දියුණු වන විට මෙවැනි ජෛවමිතික (biometric) ආරක්ෂක ක්‍රම අනාගතයේදී අපේ ඩිජිටල් ජීවිතය වඩාත් ආරක්ෂිත කරාවි.

Discussion & Feedback