අභ්යවකාශ ක්ෂේත්රයේ දැවැන්ත පෙරළියක් සිදුකරමින්, ස්පේස්-එක්ස් සමාගම තම ප්රධානතම රොකට්ටුව වන ‘ෆැල්කන් 9’ (Falcon 9) අනාගතයේදී විශ්රාම ගැන්වීමට තීරණය කර තිබෙනවා. 2010 වසරේ සිට අභ්යවකාශ මෙහෙයුම් 700කට ආසන්න ප්රමාණයක් සාර්ථකව නිම කළ ෆැල්කන් 9 රොකට්ටුව, නැවත ගොඩබෑමේ තාක්ෂණය ලොවට හඳුන්වා දුන් ප්රමුඛතම රොකට්ටුවක් ලෙස ඉතිහාසයට එක්වී හමාරයි. එලොන් මස්ක් පවසන පරිදි, සමාගමේ මීළඟ පරම්පරාවේ දැවැන්ත රොකට්ටුව වන ‘ස්ටාර්ෂිප්’ (Starship) සාර්ථකව සහ විශ්වාසවන්තව ක්රියාත්මක වීමට පටන් ගත් පසු, ෆැල්කන් 9 නිෂ්පාදනය සහ භාවිතය ක්රමයෙන් නවතා දැමීමටයි ඔවුන් සැලසුම් කරන්නේ.
ස්ටාර්ෂිප් රොකට්ටුව ෆැල්කන් 9 ට වඩා ප්රමාණයෙන් විශාල වන අතරම, එය සම්පූර්ණයෙන්ම නැවත භාවිත කළ හැකි අයුරින් නිර්මාණය කර තිබීම විශේෂත්වයක්. දැනට ෆැල්කන් 9 රොකට්ටුව මගින් සිදුකරන බොහෝ මෙහෙයුම්, විශේෂයෙන්ම ස්ටාර්ලින්ක් චන්ද්රිකා අභ්යවකාශගත කිරීම්, ඉදිරියේදී ස්ටාර්ෂිප් හරහා සිදුකිරීමට නියමිතයි. 2028 වසර වන විට ෆැල්කන් 9 මෙහෙයුම් සීමා වනු ඇති අතර, නාසා ආයතනයේ අත්යවශ්ය මෙහෙයුම් කිහිපයක් සඳහා පමණක් එය තවදුරටත් භාවිතා කරනු ඇත. ස්ටාර්ෂිප් හරහා දිනකට කිහිප වතාවක් අභ්යවකාශ ගමන් සිදුකිරීම ස්පේස්-එක්ස් සමාගමේ මීළඟ ඉලක්කයයි. මෙය අභ්යවකාශ ගවේෂණ ඉතිහාසයේ තවත් සුවිශේෂී හැරවුම් ලක්ෂ්යයක් වනු නොඅනුමානයි.

Discussion & Feedback