හොලිවුඩ් සිනමාවේ ගොඩ්සිලා වර්සස් කොන්ග් (Godzilla vs. Kong) චිත්‍රපට මාලාව හරහා ලොව පුරා රසිකයන් අතර ජනප්‍රිය වුණු තරුණ නිළි කේලි හොට්ල් හදිසි රිය අනතුරකින් මියගොස් තිබෙනවා. ඇය මිය යන විට 18 හැවිරිදි වියේ පසු වුණා. ඇමරිකාවේ මේරිලන්ඩ් ප්‍රාන්තයේදී සිදුවූ මෙම කනගාටුදායක අනතුර සම්බන්ධයෙන් ඇගේ පියා වන ජෝෂුවා හොට්ල් විසින් සංඥා භාෂාවෙන් වීඩියෝවක් නිකුත් කරමින් තහවුරු කර තිබෙනවා. අඟහරුවාදා අලුයම සිදුවූ මෙම අනතුරට අධික වේගය බලපා ඇති බවයි පොලිසිය පවසන්නේ.
කේලි හොට්ල් කියන්නේ උපතින්ම ඇසීමේ දුබලතාවයක් තිබුණු දක්ෂ නිළියක්. ඇය ‘ගොඩ්සිලා වර්සස් කොන්ග්’ සහ ‘ගොඩ්සිලා එක්ස් කොන්ග්: ද නිව් එම්පයර්’ චිත්‍රපටවල ‘ජියා’ නම් චරිතය හරහා හොලිවුඩ් සිනමාව තුළ බිහිරි ප්‍රජාව වෙනුවෙන් විශාල නියෝජනයක් ලබා දුන්නා. ඇගේ අකල් වියෝව පිළිබඳව ඇය ඉගෙනුම ලැබූ ටෙක්සාස් බිහිරි පාසල මෙන්ම වෝනර් බ්‍රදර්ස් චිත්‍රපට සමාගමද සිය ශෝකය ප්‍රකාශ කර තිබෙනවා. ඇගේ පවුලේ අයගේ පෞද්ගලිකත්වයට ගරු කරන ලෙසත්, අනතුර සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර පැතිරවීමෙන් වළකින ලෙසත් පාසල් බලධාරීන් ඉල්ලා සිටිනවා. ඇය සිනමා ලෝලීන්ගේ මතකයේ සදා රැඳෙනු ඇති.

Discussion & Feedback