ගොඩ්සිලා සිනමා ඉතිහාසයේ අලුත්ම පිටුව පෙරළමින්, ඉදිරියේදී තිරගත වීමට නියමිත ‘ගොඩ්සිලා මයිනස් සීරෝ’ (Godzilla Minus Zero) චිත්රපටය වසර 72ක ඉතිහාසයේ පළමු වතාවට ‘R’ රේටින් එකක් ලබාගෙන වාර්තාවක් පිහිටුවලා තියෙනවා. මීට පෙර පැමිණි බොහෝ ගොඩ්සිලා චිත්රපට PG-13 හෝ ඊට පහළ මට්ටමේ රේටින් ලබාගෙන තිබුණත්, මෙවර මෙම චිත්රපටය වඩාත් තීව්ර සහ බිහිසුණු අත්දැකීමක් ප්රේක්ෂකයන්ට ලබා දෙන බවයි වාර්තා වෙන්නේ. තකාෂි යමසාකිගේ අධ්යක්ෂණයෙන් එන මෙම චිත්රපටය, පසුගිය කාලයේ ලොව පුරා කතාබහට ලක්වුණු ‘ගොඩ්සිලා මයිනස් වන්’ චිත්රපටයේම තවත් දිගුවක් විදිහට තමයි නිර්මාණය වෙලා තියෙන්නේ.
දෙවන ලෝක යුද්ධයෙන් පසු 1949 වසරේ සිදුවීම් පාදක කරගෙන නිර්මාණය වන මෙම චිත්රපටය, හුදෙක් විද්යා ප්රබන්ධයක් පමණක් නොවෙයි, මිනිස් චරිතවල ගැඹුර සහ බිහිසුණු බව මනාව කැටි කරගත් නිර්මාණයක් බවයි විචාරකයින් පවසන්නේ. රියුනොසුකේ කමිකි සහ මිනාමි හමාබේ ඇතුළු ප්රබල රංගන ශිල්පීන් රැසක් මෙයට දායක වෙනවා. විශේෂයෙන්ම මෑත කාලීන ගොඩ්සිලා චිත්රපටවල දක්නට නොලැබුණු භීෂණය සහ තීව්රතාවය මෙම චිත්රපටය තුළින් දැකගන්න පුළුවන්. ජපානයේ නොවැම්බර් 3 වැනිදාත්, ඇමරිකාවේ නොවැම්බර් 6 වැනිදාත් තිරගත වීම ආරම්භ කරන මෙම චිත්රපටය, ගොඩ්සිලා රසිකයන්ට අමතක නොවන සිනමා අත්දැකීමක් ලබා දෙනු නොඅනුමානයි.

Discussion & Feedback