ප්රයිම් වීඩියෝ (Prime Video) හරහා නිර්මාණය වන ජනප්රිය ‘God of War’ කතා මාලාවේ ප්රධාන චරිතය වන ක්රැටෝස් (Kratos) රඟපෑ රයන් හර්ස්ට් හට සිදුවූ බරපතල අනතුරක් නිසා එම චරිතය වෙනත් නළුවෙකුට ලබා දීමට නිෂ්පාදකවරුන් තීරණය කර තිබෙනවා. රූගත කිරීම් අතරතුරදී රයන්ගේ බයිසෙප් මාංශ පේශියක් බරපතල ලෙස තුවාල වී ඇති අතර, ඔහුට නැවතත් රූගත කිරීම් සඳහා සූදානම් වීමට මාස ගණනාවක් ගත වන බවයි වෛද්යවරුන් පවසන්නේ. මේ හේතුවෙන් නිෂ්පාදන කටයුතු තවදුරටත් ප්රමාද කළ නොහැකි නිසා, අකමැත්තෙන් වුවත් ඔහුව ඉවත් කර නව නළුවෙකු යොදා ගැනීමට සිදුව තිබෙනවා.
රයන් හර්ස්ට් මෙම චරිතය වෙනුවෙන් මාස ගණනාවක් දැඩි වෙහෙසක් දරා ශරීරය හැඩගස්වා ගෙන සිටි අතර, ඔහු මේ වන විට සැත්කමකින් පසු සුවය ලබමින් සිටිනවා. කෙසේ වෙතත්, මෙම කතා මාලාවේ රූගත කිරීම් සැලසුම් කර ඇති ආකාරයට අනුව, රයන්ට නැවත රූගත කිරීම්වලට එක්වීමට 2027 වසර වන තෙක් බලා සිටීමට සිදුවන බවයි වාර්තා වන්නේ. දැනටමත් රූගත කර තිබූ කොටස් කිහිපයක් ද නව නළුවා සමඟ නැවත රූගත කිරීමට සිදුවන අතර, මෙය නිෂ්පාදන කණ්ඩායමට විශාල අභියෝගයක් වී තිබෙනවා. කෙසේ වෙතත්, ඔක්තෝබර් මාසයේදී නැවත රූගත කිරීම් ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කරමින් පවතිනවා.

Discussion & Feedback