හොලිවුඩයේ ජනප්රිය නළු ග්ලෙන් පවෙල් රංගනයෙන් දායක වුණු ‘Top Gun: Maverick’ චිත්රපටය මේ වන විට අලුත් වාර්තාවක් පිහිටුවන්න සමත් වෙලා තියෙනවා. ටොම් කෲස් ප්රධාන චරිතයට පණ පොවන මේ චිත්රපටය Paramount+ ස්ට්රීමින් වේදිකාවේ දින 730ක් පුරාවටම, ඒ කියන්නේ දිගින් දිගටම වසර දෙකක් තිස්සේ හොඳම චිත්රපට දහය අතර රැඳී සිටිමින් සුවිශේෂී ජයග්රහණයක් ලබාගෙන තියෙනවා. ඇත්තටම මේ චිත්රපටය නිර්මාණය කරන්න වසර 12කට වැඩි කාලයක් ගත වුණා. බොහෝ දෙනෙක් හිතුවේ පළමු චිත්රපටයෙන් වසර ගණනාවකට පස්සේ එන මේ නිර්මාණය සාර්ථක වෙන එකක් නැහැ කියලා, නමුත් ඒ සියලු සැකයන් දුරු කරමින් මේ චිත්රපටය ලොව පුරා ඩොලර් බිලියන 1.5ක ආදායමක් උපයන්නත් සමත් වුණා.
ග්ලෙන් පවෙල් මේ චිත්රපටයේ ‘හැන්ග්මන්’ ලෙස රඟපාමින් තමන්ගේ රංගන හැකියාව ලෝකයට පෙන්නුවා. අද වෙනකොට ඔහු හොලිවුඩයේ ඉහළම තැනක ඉන්න නළුවෙක් බවට පත් වෙලා ඉවරයි. ‘Top Gun: Maverick’ කියන්නේ හුදෙක්ම ක්රියාදාම චිත්රපටයක් විතරක් නෙවෙයි, ඒක රසිකයන්ගේ නොස්ටැල්ජියාව අවදි කරපු අපූරු නිර්මාණයක්. අදටත් ප්රේක්ෂකයන් මේ චිත්රපටයට ගොඩක් ආදරේ කරනවා කියන එක මේ ස්ට්රීමින් වාර්තාවෙන්ම පැහැදිලි වෙනවා. ටොම් කෲස්ගේ රංගනය සහ චිත්රපටයේ තියෙන තාක්ෂණික දියුණුව නිසාම මේක අනාගතයේදීත් සිනමා ලෝලීන් අතර නිතරම කතාබහට ලක්වෙන චිත්රපටයක් විදිහට ඉතිරි වෙයි.

Discussion & Feedback