2025 වසරේ පැවැත්වුණු සාමාන්‍ය තොරතුරු තාක්ෂණ (GIT) විභාගයේ ප්‍රතිඵල මේ වන විට විභාග දෙපාර්තමේන්තුව විසින් නිල වශයෙන් නිකුත් කර තිබෙනවා. පසුගිය ජූලි 20 වැනිදා සිට සිසුන්ට තමන්ගේ ප්‍රතිඵල අන්තර්ජාලය හරහා පරීක්ෂා කරගන්න පුළුවන්. ඒ සඳහා ඔබට http://www.doenets.lk හෝ http://www.results.exams.gov.lk යන වෙබ් අඩවි වෙත පිවිස තමන්ගේ විභාග අංකය ඇතුළත් කිරීම පමණයි කරන්න තියෙන්නේ.
මෙවර විභාගය සඳහා පාසල් අයදුම්කරුවන් 199,598ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 637ක් ඇතුළුව මුළු අයදුම්කරුවන් 200,235ක් ලියාපදිංචි වී සිටියා. ඉන් සිසුන් 147,407ක් විභාගයට පෙනී සිටි අතර, දිවයින පුරා මධ්‍යස්ථාන 1,669කදී විභාගය ඉතා සාර්ථකව පවත්වා අවසන් කළා. මේ වන විට ප්‍රතිඵල නිකුත් කර ඇති අතර, සිසුන්ට තමන්ගේ නිල ප්‍රතිඵල ලේඛන ලබන ජූලි 23 වැනිදා සිට අන්තර්ජාලය හරහා බාගත කරගන්න අවස්ථාව ලැබෙනවා.
ඔබේ විභාග අංකය හෝ ජාතික හැඳුනුම්පත් අංකය භාවිතා කරලා විභාග දෙපාර්තමේන්තුවේ නිල ද්වාරය හරහා මේ ලේඛන ලබාගන්න පුළුවන්. ඒ වගේම පාසල් සහ අධ්‍යාපන බලධාරීන්ටත් ඔවුන්ගේ ලොගින් විස්තර භාවිතා කරලා ප්‍රතිඵල ලේඛන ලබාගන්න පහසුකම් සලසා තිබෙනවා. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අවශ්‍ය නම් විභාග දෙපාර්තමේන්තුවේ 1911 ක්ෂණික ඇමතුම් අංකයට කතා කරලා හෝ පාසල් විභාග සංවිධාන සහ ප්‍රතිඵල ශාඛාව සම්බන්ධ කරගෙන දැනගන්න පුළුවන්.

Discussion & Feedback