ප්‍රංශයේ ගි්රරොන්ඩ් කලාපයේ හටගෙන තිබෙන දරුණු ලැව්ගිනි පාලනය කරගන්න බැරුව ගිනි නිවන භටයන් විශාල අරගලයක නිරත වෙලා ඉන්නවා. මේ තත්ත්වය හරියට ‘ඩේවිඩ් සහ ගොලියත්’ අතර සටනක් වගේ කියලා තමයි ගිනි නිවන අංශවල ප්‍රකාශකයෙක් සඳහන් කළේ. දැනටමත් ප්‍රංශය පුරා ලැව්ගිනි නිසා ගිනි නිවන භටයන් හතර දෙනෙක් ජීවිතක්ෂයට පත්වෙලා තියෙනවා. මේ වන විට ගි්රරොන්ඩ් කලාපයේ ගින්න නිවන්න භටයන් දෙදහසක් විතර යොදවලා තියෙනවා. ඒ වගේම මේ සතියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 දක්වා ඉහළ යනු ඇතැයි කාලගුණ අංශ අනතුරු අඟවන නිසා තත්ත්වය තවත් බරපතළ වෙන්න පුළුවන්.
බෝඩෝ නගරයට ආසන්නයේම මේ ගින්න පැතිරෙන නිසා නගරයේ වායු ගෝලය දැඩි ලෙස දූෂණය වෙලා තියෙනවා. ගින්න නිසා ඇතිවෙලා තියෙන දුම සහ අළු නිසා සංචාරකයන් සහ ප්‍රදේශවාසීන් ගොඩක් දෙනෙක් ඉන්නේ බයෙන්. මේ වන විටත් කඳවුරු භූමිවල ඉන්න දහස් ගණනක් සංචාරකයන්ව ආරක්ෂිත ස්ථානවලට යොමු කරලා තියෙනවා. ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන් පවසන්නේ දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ ප්‍රංශය මුහුණ දෙන දරුණුම ලැව්ගිනි තත්ත්වය මෙය බවයි. නිවාස දෙසිය හතළිහකට වඩා මේ වන විටත් ගින්නෙන් විනාශ වෙලා තියෙනවා.
මේ අතර, ගින්නක් ඇති කිරීමට උත්සාහ කළ බවට සැකපිට තරුණයෙක්ව අත්අඩංගුවට අරගෙන තියෙනවා. මේ තත්ත්වය නිසා ප්‍රදේශයේ සංචාරක කර්මාන්තයට සහ ව්‍යාපාරවලට ලොකු බලපෑමක් වෙලා තියෙනවා. බෝඩෝ නගරයේ අවන්හල් සහ හෝටල් ගොඩක් වහලා දාන්න සිද්ධ වෙලා තියෙන්නේ වාතයේ තියෙන අළු සහ දුම නිසා. කොහොම වුණත්, ගිනි නිවන භටයන් නොනිදා මේ අභියෝගයට මුහුණ දෙමින් ඉන්නවා.

Discussion & Feedback