තායිලන්තයේ බැංකොක් නුවර සිට තෑග්ගක් ලෙස එවා තිබූ ගුවන් භාණ්ඩ තොගයක් තුළ සඟවා තිබූ රුපියල් මිලියන 106ක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් ශ්‍රී ලංකා රේගුව විසින් අත්අඩංගුවට අරගෙන තියෙනවා. පසුගිය ජූලි 24 වැනිදා ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් UL405 දරන ගුවන් යානයෙන් මෙම භාණ්ඩ තොගය දිවයිනට ලැබී තිබුණේ. ඉතා සූක්ෂම ලෙස ලෝහමය බහාලුම් තුළ සඟවා තිබූ මෙම මත්ද්‍රව්‍ය තොගය රේගු නිලධාරීන් විසින් සොයාගනු ලැබුවේ පසුගිය ජූලි 31 වැනිදා ට්‍රයිකෝ ගබඩාවේදී සිදුකළ පරීක්ෂාවකදීයි.
මෙම භාණ්ඩ තොගය පරීක්ෂා කිරීමේදී ලෝහමය බහාලුම් තුළ සඟවා තිබූ පොලිතින් පැකට් කිහිපයක් හමුවී තිබෙනවා. එහි තිබී හෑෂ් (Hashish), ගංජා සහ හෑෂ් ඔයිල් ඇතුළු මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 10.6කට අධික ප්‍රමාණයක් සොයාගන්නට නිලධාරීන් සමත් වුණා. මේවායේ වටිනාකම රුපියල් මිලියන 106.08ක් පමණ වන බවයි රේගු ආරංචි මාර්ග පවසන්නේ. තෑග්ගක් ලෙස මුවාවෙන් මෙරටට එවූ මෙම මත්ද්‍රව්‍ය ජාවාරම පිටුපස සිටින පිරිස් සොයා මේ වන විටත් වැඩිදුර විමර්ශන කටයුතු ක්‍රියාත්මක වෙමින් පවතිනවා. මෙවැනි සිදුවීම් හරහා රට තුළට මත්ද්‍රව්‍ය ගෙන ඒම සඳහා ජාවාරම්කරුවන් කොතරම් සූක්ෂම ලෙස කටයුතු කරනවාද යන්න පැහැදිලිවම දැකගන්න පුළුවන්.

Discussion & Feedback