ගෝලීය උණුසුම ඉහළ යාම හේතුවෙන් නැගෙනහිර ග්‍රීන්ලන්තයේ මුහුදු අයිස් දියවී යාම නිසා මීට පෙර කිසිදා දැකගත නොහැකි වූ දැවැන්ත තල්මසුන් විශේෂ විශාල වශයෙන් එම ප්‍රදේශයට පැමිණෙමින් තිබෙනවා. දශක ගණනාවක් තිස්සේ සිදුකළ පර්යේෂණවලින් හෙළි වී ඇත්තේ හම්ප්බැක්, මින්කේ සහ ෆින් තල්මසුන් වැනි දැවැන්තයින් ගිම්හාන කාලයේදී ආහාර සොයා මෙම ප්‍රදේශයට සංක්‍රමණය වන බවයි. මීට වසර කිහිපයකට පෙර මෙම ප්‍රදේශයේ තල්මසුන් දැකගැනීම ඉතා දුර්ලභ වුවත්, 2024 වසර වන විට හම්ප්බැක් තල්මසුන් 150කට අධික සංඛ්‍යාවක් නිරීක්ෂණය කිරීමට විද්‍යාඥයින්ට හැකි වී තිබෙනවා.
මෙම තල්මසුන් මෙලෙස පැමිණෙන්නේ උණුසුම් වන මුහුදු ජලයත් සමඟ එම ප්‍රදේශයට සංක්‍රමණය වන මත්ස්‍ය විශේෂ ආහාරයට ගැනීමටයි. විද්‍යාඥයින් පවසන පරිදි මෙය සාගර පරිසර පද්ධතියේ සිදුවන විශාල වෙනසක්. කෙසේ වෙතත්, මෙම තල්මසුන්ට මෙය නව අවස්ථාවක් වුවත්, නාර්වල් සහ බෙලූගා වැනි ආක්ටික් කලාපයටම ආවේණික සතුන්ට තම වාසස්ථාන අහිමි වීමේ බරපතල තර්ජනයක් මතුව තිබෙනවා. දේශගුණික විපර්යාස නිසා සමහර සතුන්ට වාසිදායක තත්ත්වයන් උදාවන විට තවත් සතුන් පිරිසක් වඳවීමේ තර්ජනයට ලක්වීම ඉතා කනගාටුදායක කරුණක් බවයි පර්යේෂකයින් පෙන්වා දෙන්නේ.

Discussion & Feedback