දකුණු අප්රිකාවේ මේ දිනවල පවතින විදේශිකයන්ට එරෙහි විරෝධතා සහ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන්, එරට ජනාධිපති සිරිල් රමපෝසාගේ ඝානා සංචාරය තාවකාලිකව කල් දැමීමට ඝානා රජය තීරණය කරලා තියෙනවා. අගෝස්තු මාසයේ මුල් සතියේදී සිදුකිරීමට නියමිතව තිබූ මෙම සංචාරය මගින් දෙරට අතර පවතින රාජ්යතාන්ත්රික අර්බුද සමනය කර ගැනීමට බලාපොරොත්තු වුණත්, ජනාධිපතිවරයාගේ පැමිණීම නිසා ඝානාව තුළ දැවැන්ත විරෝධතා ඇති වේවි යැයි රජය බිය පළ කරනවා. දකුණු අප්රිකාවේ පවතින මෙම විදේශික විරෝධී රැලි නිසා දැනටමත් ඝානා ජාතිකයන් 900කට අධික පිරිසක් ආපසු සිය රටට ගෙන්වා ගැනීමට ඝානා රජයට සිදුවෙලා තියෙනවා.
දකුණු අප්රිකාවේ වෙසෙන විදේශිකයන් ඉලක්ක කරගෙන සිදුවන ප්රහාර සහ ඔවුන්ට රටින් පිටව යන ලෙස කරන බලපෑම් නිසා නයිජීරියාව, මලාවි සහ කෙන්යාව වැනි රටවල් පවා තම පුරවැසියන් ආපසු ගෙන්වා ගැනීමට පියවර අරගෙන තියෙනවා. විශේෂයෙන්ම ඝානා ජාතිකයෙකුගේ මරණය සම්බන්ධයෙන් දෙරට අතර මත ගැටුම් උග්ර වී ඇති අතර, දකුණු අප්රිකානු බලධාරීන් පවසන්නේ එය විරෝධතා සමඟ සම්බන්ධයක් නැති බවයි. කෙසේ වෙතත්, මෙම තත්ත්වය නිසා අප්රිකානු කලාපය තුළ දකුණු අප්රිකාව හුදෙකලා වීමේ අවදානමක් පවතින බව දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙනවා. දෙරටේම නිලධාරීන් පවසන්නේ රාජ්යතාන්ත්රික මට්ටමින් සාකච්ඡා කර ඉදිරියේදී සුදුසු දිනයකදී මෙම සංචාරය සිදු කිරීමට බලාපොරොත්තු වන බවයි.

Discussion & Feedback