ඉන්දියාවේ පෞද්ගලික අභ්යවකාශ සමාගමක් වන ස්කයිරුට් ඒරොස්පේස් (Skyroot Aerospace) මේ දිනවල සූදානම් වෙන්නේ ඉතිහාසගත මෙහෙයුමකටයි. ඔවුන්ගේ ‘වික්රම්-1’ රොකට්ටුව අභ්යවකාශ ගත කිරීමට සියල්ල සූදානම් කරලා තියෙනවා. මේක සාර්ථක වුණොත්, ඉන්දියාවේ පෞද්ගලික සමාගමක් විසින් චන්ද්රිකාවක් කක්ෂගත කරන පළමු අවස්ථාව විදිහට මෙය ඉතිහාසයට එක්වෙනවා. ‘ආගමන්’ කියලා නම් කරලා තියෙන මේ මෙහෙයුම හරහා විවිධ පාරිභෝගික චන්ද්රිකා කිහිපයක් පෘථිවි පහළ කක්ෂයට යවන්න තමයි ඔවුන් සැලසුම් කරලා තියෙන්නේ.
මේ රොකට්ටුව හදලා තියෙන්නේ ඉතාම නිරවද්ය විදිහට. විශේෂයෙන්ම මේකේ තියෙන ‘ඕබිට් ඇඩ්ජස්ට්මන්ට් මොඩියුලය’ නිසා එකම මෙහෙයුමකදී චන්ද්රිකා කිහිපයක් වෙනස් කක්ෂවලට යවන්න පුළුවන්කම ලැබෙනවා. ස්කයිරුට් සමාගමේ ප්රධාන විධායක නිලධාරී පවන් කුමාර් චන්දනා කියන විදිහට, ඔවුන්ගේ මේ සේවාව හරියට ‘ටැක්සියක්’ වගේ වැඩක්. ඒ කියන්නේ පාරිභෝගිකයන්ට අවශ්ය ඕනෑම කක්ෂයකට චන්ද්රිකා යවන්න මේකෙන් පහසුකම ලැබෙනවා. මේක ඔවුන්ගේ පළමු අත්හදා බැලීමේ ගුවන් ගමනක් විදිහට තමයි සැලකෙන්නේ.
මේ රොකට්ටුවේ චන්ද්රිකා විතරක් නෙවෙයි, ඉන්දීය විද්යාඥයන් වන වික්රම් සාරාභායි, සී.වී. රාමන් සහ ඒ.පී.ජේ. අබ්දුල් කලාම් මහත්වරුන් සිහිපත් කරන සංකේතාත්මක නිර්මාණත් අභ්යවකාශයට රැගෙන යනවා. 2022 වසරේදී ඔවුන්ගේ ‘වික්රම්-එස්’ රොකට්ටුව සාර්ථකව අභ්යවකාශයට යවන්න පුළුවන් වුණා. ඒ අත්දැකීමත් එක්ක මේ පාර වික්රම්-1 මෙහෙයුම සාර්ථක කරගන්න ඔවුන් ලොකු බලාපොරොත්තුවකින් ඉන්නවා. මේක සාර්ථක වුණොත්, ඉදිරියේදී මාසයකට එක රොකට්ටුවක් බැගින් අභ්යවකාශගත කරන්න ඔවුන් බලාපොරොත්තු වෙනවා.

Discussion & Feedback