ජර්මනියේ ලයිප්සිග් ගුවන්තොටුපළ ආශ්‍රිතව මෑතකදී සිදුවූ ඩ්‍රෝන ප්‍රහාර උත්සාහයත් සමඟ ජර්මනියට එල්ල වන තර්ජන පිළිබඳව එරට චාන්සලර් ෆ්රෙඩ්රික් මර්ස් දැඩි අනතුරු ඇඟවීමක් කර තිබෙනවා. පසුගිය අගෝස්තු මාසයේදී ලයිප්සිග් ගුවන්තොටුපළේදී පුපුරණ ද්‍රව්‍ය රැගත් ඩ්‍රෝන යානයක් සොයාගත් අතර, එහි තිබූ දෝෂයක් නිසා විශාල විනාශයක් වැළකී ගියා. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මර්ස් පවසන්නේ ජර්මනියට එරෙහිව මෙවැනි කුරිරු ක්‍රියාවල නිරත වන ඕනෑම පාර්ශ්වයක් අනිවාර්යයෙන්ම ඒ සඳහා වන්දි ගෙවීමට සිදුවන බවයි. මෙම සිදුවීම් පිටුපස රුසියාවේ සම්බන්ධයක් ඇතැයි ආරක්ෂක විශේෂඥයන් සැක පළ කළත්, මොස්කව් පාලනය එය ප්‍රතික්ෂේප කරනවා.
මේ වන විට ජර්මනියේ හමුදා කඳවුරු සහ ගුවන්තොටුපළ වැනි සංවේදී ස්ථාන ඉලක්ක කරගෙන අනුමැතියකින් තොරව ඩ්‍රෝන යානා පියාසර කිරීමේ සිදුවීම් රැසක් වාර්තා වී තිබෙනවා. මේ තත්ත්වය හමුවේ ජර්මානු රජය තම ආරක්ෂක පද්ධති ශක්තිමත් කිරීමට පියවර ගනිමින් සිටින අතර, ඩ්‍රෝන ප්‍රහාර මැඩපැවැත්වීමට සහ ප්රහාරකයන්ගේ පරිගණක පද්ධති හැක් කිරීම වැනි ක්‍රියාමාර්ග ගැනීමටත් සූදානම් වනවා. යුක්රේනයට ලබාදෙන සහයෝගය කිසිදු බාධාවකින් තොරව ඉදිරියටත් පවත්වාගෙන යන බවත්, සාම සාකච්ඡා සඳහා බලපෑම් කිරීමේ අරමුණින් ජර්මනිය යුක්රේනයට ශක්තිමත්ව සහය දෙන බවත් මර්ස් වැඩිදුරටත් අවධාරණය කළා.

Discussion & Feedback