ජර්මනියේ සැක්සනි-ඇන්හාල්ට් ප්‍රාන්තයේ පැවැත්වෙන මැතිවරණය මේ දිනවල මුළු රටේම අවධානය දිනාගෙන තියෙනවා. අන්ත දක්ෂිණාංශික ‘AfD’ පක්ෂය මෙවර මැතිවරණයෙන් ජයග්‍රහණය කර ප්‍රාන්ත බලය අත්පත් කරගන්නයි සැරසෙන්නේ. දෙවන ලෝක යුද්ධයෙන් පසුව ජර්මනියේ ප්‍රාන්ත මට්ටමේ බලයක් අන්ත දක්ෂිණාංශික පක්ෂයකට ලැබෙන පළමු අවස්ථාව මෙය වෙන්න පුළුවන්. මේ තත්ත්වය ජර්මානු දේශපාලනයේ විශාල පෙරළියක් ඇති කරන බවයි දේශපාලන විචාරකයින් පවසන්නේ.
මෙම පක්ෂයේ ප්‍රධාන අපේක්ෂකයා වන 35 හැවිරිදි උල්රිච් සීග්මන්ඩ්, ජනතාව අතර ඉතා ජනප්‍රිය චරිතයක් බවට පත්වෙලා ඉන්නවා. ආර්ථික අර්බුද, ඉහළ යන බලශක්ති ගාස්තු සහ සංක්‍රමණික ගැටලු නිසා කලකිරී සිටින ජනතාව, වෙනසක් බලාපොරොත්තුවෙන් AfD පක්ෂය දෙසට යොමු වී සිටිනවා. කෙසේ වෙතත්, ඔවුන්ගේ ප්‍රතිපත්ති ඉතා මතභේදාත්මකයි. විශේෂයෙන්ම සරණාගත දරුවන් සඳහා වෙනම පන්ති පැවැත්වීම, පාසල්වල දේදුනු කොඩි තහනම් කිරීම සහ සංක්‍රමණිකයන් පිටුවහල් කිරීම වැනි යෝජනා නිසා බොහෝ දෙනෙක් මේ ගැන බියෙන් පසුවෙනවා.
මේ අතර, චාන්සලර් ෆ්රෙඩ්රික් මර්ස්ගේ නායකත්වය පිළිබඳවත් දැඩි විවේචන එල්ල වෙමින් පවතිනවා. රුසියාව සමඟ පක්ෂයට ඇති සබඳතා සහ රුසියානු වැරදි තොරතුරු ව්‍යාපාර පිළිබඳ චෝදනා ද මැතිවරණ සමයේදී කරළියට ඇවිත් තියෙනවා. කෙසේ වෙතත්, ඉරිදා පැවැත්වෙන මෙම ඡන්ද විමසීම ජර්මනියේ අනාගත දේශපාලන ගමන් මඟ තීරණය කරන තීරණාත්මක සාධකයක් වනු නොඅනුමානයි.

Discussion & Feedback