ජර්මනියේ සැක්සනි-ඇන්හාල්ට් ප්‍රාන්තයේ පැවැති මැතිවරණයෙන් අන්ත දක්ෂිණාංශික ‘AfD’ පක්ෂය ඉතාමත් ඉහළ ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වෙලා තියෙනවා. මූලික ප්‍රතිඵලවලට අනුව ඔවුන් ඡන්ද ප්‍රතිශතයෙන් 44%කට වඩා වැඩි ප්‍රමාණයක් ලබාගෙන තියෙන අතර, මෙය ඔවුන්ගේ ප්‍රතිවාදී ප්‍රධාන පක්ෂවලට වඩා ඉතා විශාල ඉදිරියක්. දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ ජර්මනියේ ප්‍රාන්ත මට්ටමින් මෙවැනි අන්ත දක්ෂිණාංශික පක්ෂයක් බලයට පත්වීමේ අවස්ථාවක් උදාවීම දේශපාලන කරළියේ ලොකු කතාබහකට ලක්වෙලා තියෙනවා. පක්ෂයේ නායක උල්රිච් සීග්මන්ඩ් පවසන්නේ මෙය ඓතිහාසික ජයග්‍රහණයක් බවයි.
මේ වන විටත් AfD පක්ෂයේ ආධාරකරුවන් මේ ජයග්‍රහණය සැමරීමට පටන් අරන් තියෙනවා. කෙසේ වෙතත්, ඔවුන්ට තනිවම ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය බහුතර ආසන සංඛ්‍යාව ලැබේද යන්න තවමත් අවිනිශ්චිතයි. අනෙකුත් ප්‍රධාන දේශපාලන පක්ෂ AfD සමඟ සන්ධානගත වීමට දැඩි විරෝධයක් දක්වන නිසා, ඉදිරියේදී ජර්මනියේ දේශපාලන තත්ත්වය කෙබඳු වේවිද යන්න ගැන ලොකු කුතුහලයක් තියෙනවා. ජර්මනියේ මධ්‍යම රජයටත් මේ ප්‍රතිඵලය ලොකු සංඥාවක් බවයි දේශපාලන විචාරකයින් පවසන්නේ. වැඩ කරන ජනතාවගේ හඬ බව පවසමින් AfD පක්ෂය මේ වන විට ජර්මනියේ නැගෙනහිර ප්‍රාන්තවල ප්‍රබල බලවේගයක් බවට පත්වෙලා ඉවරයි.

Discussion & Feedback