කෘත්රිම බුද්ධි තාක්ෂණය භාවිත කරමින් සංගීත නිර්මාණ සිදුකරන ‘සුනෝ’ (Suno) සමාගමට එරෙහිව ජර්මනියේ මියුනිච් අධිකරණය විසින් ඉතා වැදගත් තීන්දුවක් ලබා දී තිබෙනවා. ප්රකාශන හිමිකම් සහිත සංගීත නිර්මාණ අවසරයකින් තොරව තම AI ආකෘති පුහුණු කිරීම සඳහා භාවිත කිරීම මගින් සුනෝ සමාගම නීතිය උල්ලංඝනය කර ඇති බවයි අධිකරණය පෙන්වා දෙන්නේ. ජර්මනියේ ප්රධාන සංගීත බලපත්ර ආයතනයක් වන GEMA විසින් ගොනු කළ මෙම නඩුව, ලොව පුරා කෘත්රිම බුද්ධි සමාගම් සහ නිර්මාණකරුවන් අතර පවතින ගැටුමේ තවත් එක් සන්ධිස්ථානයක් ලෙස හඳුන්වන්න පුළුවන්.
මෙම තීන්දුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් GEMA ආයතනය පවසන්නේ, බුද්ධිමය දේපළ සොරකම් කිරීම මත පදනම් වන කිසිදු AI තාක්ෂණයකට නීතිමය ආරක්ෂාවක් හිමි නොවිය යුතු බවයි. කෙසේ වෙතත්, සුනෝ සමාගම පවසන්නේ තමන්ගේ තාක්ෂණය නිර්මාණය කර ඇත්තේ පවතින ගීත අනුකරණය කිරීමට නොව නව නිර්මාණ බිහි කිරීමට බවයි. මෙම තීන්දුව සම්බන්ධයෙන් තමන් එකඟ නොවන බවත්, අභියාචනයක් ඉදිරිපත් කිරීම ඇතුළු ඉදිරි නීතිමය පියවර ගැන සලකා බලමින් සිටින බවත් ඔවුන් වැඩිදුරටත් සඳහන් කරනවා. අමෙරිකාව ඇතුළු රටවල දැනටමත් මෙවැනි නඩු රැසක් විභාග වෙමින් පවතින අතර, මෙම ජර්මානු තීන්දුව ඉදිරියේදී කලාකරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීම සඳහා විශාල බලපෑමක් කරනු ඇති බවයි විචාරකයින් පවසන්නේ.

Discussion & Feedback