ජර්මනියේ ලයිප්සිග් ගුවන් තොටුපළේ ධාවන පථයක තිබී පුපුරණ ද්‍රව්‍ය ඇතුළත් කුඩා ඩ්‍රෝන යානයක් හමුවීමත් සමඟ යුරෝපය පුරා ලොකු කතාබහක් ඇතිවෙලා තියෙනවා. මේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ රොබෝ යන්ත්‍රයක් යොදාගෙන එහි තිබූ පුපුරණ ද්‍රව්‍ය ඉවත් කිරීමට බලධාරීන් කටයුතු කළා. මේ ප්‍රහාරය පිටුපස විදේශ බලවතුන්ගේ සම්බන්ධයක් තිබිය හැකි බවට ජර්මානු අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා අනතුරු අඟවනවා. මේ වන විටත් මේ සිද්ධියට රුසියාව සම්බන්ධ බවට සෘජු සාක්ෂි නැතත්, රුසියාව එවැනි ක්‍රියාවල නිරත වීමේ ඉතිහාසයක් තිබීම සැකයට ප්‍රධාන හේතුවක් වෙලා තියෙනවා.
මීට පෙර 2024 වසරේදී පෝලන්තය සහ ලිතුවේනියාව හරහා රුසියානු ගැති කණ්ඩායම් විසින් පුපුරණ ද්‍රව්‍ය සහ ඩ්‍රෝන යානා ජර්මනියට ප්‍රවාහනය කළ බවට තොරතුරු අනාවරණය වී තිබුණා. විශේෂයෙන්ම ටින් කළ ආහාර තුළ පුපුරණ ද්‍රව්‍ය සඟවා ප්‍රවාහනය කිරීමේ ජාලයක් ගැනත් හෙළිවෙලා තියෙනවා. ලයිප්සිග් ගුවන් තොටුපළේ තිබී හමුවූ මෙම ඩ්‍රෝන යානය අසලම යුක්රේන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා කිහිපයක් නවතා තිබීම නිසා මෙය යුක්රේනය ඉලක්ක කරගත් ප්‍රහාරයක්ද යන්න ගැනත් පරීක්ෂණ සිදුවෙනවා. මේ වන විටත් අදාළ ජාලයේ සැකකරුවන් කිහිප දෙනෙක් අත්අඩංගුවේ සිටියත්, ඔවුන් මෙහෙයවූ ප්‍රධාන පුද්ගලයන් තවමත් නිදැල්ලේ සිටීම ලොකු ගැටලුවක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Discussion & Feedback