ජර්මනියේ ලයිප්සිග් ගුවන් තොටුපළේ ධාවන පථයක තිබී පුපුරණ ද්‍රව්‍ය ඇතුළත් ඩ්‍රෝන යානයක් හමුවීමත් සමඟ යුරෝපය පුරා විශාල කතාබහක් ඇතිවෙලා තියෙනවා. මේ සිදුවීම හයිබ්‍රිඩ් යුද්ධයක නව මට්ටමක් බව ජර්මානු අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා අනතුරු අඟවනවා. ගුවන් තොටුපළේ තිබූ යුක්රේන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා අසල මෙම කුඩා ඩ්‍රෝනය සැරිසරමින් තිබියදීයි ආරක්ෂක අංශ විසින් එය සොයාගෙන තිබෙන්නේ. වහාම ක්‍රියාත්මක වූ බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ රොබෝ යන්ත්‍රයක් මගින් එහි තිබූ පුපුරණ ද්‍රව්‍ය ඉවත් කිරීමට පියවර ගත්තා. මේ අතරතුර තවත් භාණ්ඩ ප්‍රවාහන යානයක් අභිරහස් වස්තුවක ගැටීම නිසා තවත් ඩ්‍රෝනයක් ක්‍රියාත්මක වූවාද යන්න පිළිබඳවද මේ වන විට පරීක්ෂණ සිදුවෙනවා.
මේ සිදුවීමට රුසියාවේ සම්බන්ධයක් ඇති බවට තවමත් නිශ්චිත සාක්ෂි නැතත්, මීට පෙර 2024 වසරේදී රුසියානු බුද්ධි අංශවල සහාය ලබන කණ්ඩායම් විසින් යුරෝපය තුළ මෙවැනිම ආකාරයේ ප්‍රහාර සැලසුම් කළ බවට තොරතුරු හෙළිවෙලා තියෙනවා. විශේෂයෙන්ම පෝලන්තය සහ ලිතුවේනියාව හරහා පුපුරණ ද්‍රව්‍ය සහ ඩ්‍රෝන කොටස් ප්‍රවාහනය කළ ජාලයක් ගැන පරීක්ෂණ සිදුවෙනවා. ඔවුන් ආහාර ටින් සහ හෙඩ්ෆෝන් තුළ පුපුරණ ද්‍රව්‍ය සඟවා ප්‍රවාහනය කර ඇති බවයි වාර්තා වෙන්නේ. රුසියාව මේ චෝදනා ප්‍රතික්ෂේප කළත්, ලයිප්සිග් ගුවන් තොටුපළ ඉලක්ක කරගෙන මීට පෙර සිදුවූ ගිනි තැබීම් සහ මෙම නවතම ඩ්‍රෝන සිදුවීම අතර සම්බන්ධයක් තිබේද යන්න ගැන ජර්මානු බලධාරීන් දැඩි අවධානයෙන් පසුවෙනවා.

Discussion & Feedback