ස්ටාර් වෝර්ස් (Star Wars) නිර්මාතෘ ජෝර්ජ් ලූකස් සහ ඔහුගේ බිරිඳ මෙලඩි හොබ්සන් විසින් ලොස් ඇන්ජලීස් නුවර ඉදිකරන ලද ‘ලූකස් කෞතුකාගාරය’ සැප්තැම්බර් 22 වැනිදා මහජනතාව වෙනුවෙන් විවෘත වෙන්න නියමිතයි. මේ කෞතුකාගාරය සිනමාව, ඡායාරූප ශිල්පය, චිත්ර කලාව සහ විවිධ කලා මාධ්යයන්ගෙන් සමන්විත අපූරු තැනක්. විශේෂයෙන්ම, කෞතුකාගාරය පිහිටි 90037 තැපැල් කලාපයේ පදිංචිකරුවන්ට ‘LM37’ පාස් එක හරහා වසර පුරාම නොමිලේ ඇතුළු වීමේ අවස්ථාව හිමිවෙනවා. මේ පාස් එක තියෙන අයට තමන්ගේ යාළුවෙක්ව හෝ පවුලේ කෙනෙක්ව නොමිලේ එක්කගෙන යන්නත් පුළුවන්.
කෞතුකාගාරයේ ප්රධාන විධායක නිලධාරිනී ට්රේසි බේට්ස් පවසන විදිහට, පසුගිය වසර අටක කාලය පුරා මේ කෞතුකාගාරය ගොඩනැගෙන හැටි දෙස බලා සිටි අසල්වැසියන්ට මුලින්ම එහි අත්දැකීම ලබාදීම ඔවුන්ගේ අරමුණයි. මෙහි ප්රදර්ශන භාණ්ඩ 1,300කට වඩා ප්රදර්ශනය කෙරෙන අතර, ජෝර්ජ් ලූකස්ගේ පෞද්ගලික එකතුවට අමතරව ෆ්රීඩා කාලෝ වැනි ලෝක ප්රසිද්ධ කලාකරුවන්ගේ නිර්මාණත් මෙහිදී දැකගන්න පුළුවන්. ස්ටාර් වෝර්ස් රසිකයන්ටත්, කලා ලෝලීන්ටත් මේ කෞතුකාගාරය අලුත් අත්දැකීමක් වේවි. 90037 කලාපයේ පදිංචි අයට අගෝස්තු මාසයේදී මේ සඳහා ලියාපදිංචි වෙන්න පුළුවන් නිසා, ඒ ගැන වැඩි විස්තර ඔවුන්ගේ නිල වෙබ් අඩවියෙන් දැනගන්න පුළුවන්.

Discussion & Feedback