අද වන විට කෘත්‍රිම බුද්ධිය හෙවත් AI තාක්ෂණය ලෝකයම වෙනස් කරමින් තිබෙනවා. මේ අතර ‘ජෙනරල් ඉන්ටියුෂන්’ (General Intuition) කියන සමාගම අලුත්ම අත්හදා බැලීමක් කරමින් ඉන්නවා. ඔවුන් උත්සාහ කරන්නේ වීඩියෝ ක්‍රීඩා හරහා AI නියෝජිතයන්ට සැබෑ ලෝකයේ හැසිරෙන ආකාරය පුහුණු කරන්නයි. මේ සඳහා ඔවුන් ඩොලර් බිලියන 2.3ක වටිනාකමක් සහිතව ඩොලර් මිලියන 320ක දැවැන්ත ආයෝජනයක් ලබා ගැනීමටත් සමත් වෙලා තියෙනවා. ඔවුන්ගේ මේ තාක්ෂණය හරහා පරිගණක ක්‍රීඩාවකදී වගේම සැබෑ ලෝකයේදීත් රොබෝවරුන්ට බාධක මඟහැර යන්න සහ අවට පරිසරය තේරුම් ගන්න පුළුවන් වෙනවා.
මෙම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී පිම් ඩි විට පවසන පරිදි, ඔවුන් මේ සඳහා භාවිතා කරන්නේ මිලියන ගණනක් වූ වීඩියෝ ක්‍රීඩා දත්තයි. සාමාන්‍යයෙන් වෙනත් සමාගම් වීඩියෝ දර්ශන පමණක් විශ්ලේෂණය කළත්, මොවුන් ක්‍රීඩකයන් බොත්තම් ඔබන ආකාරය පවා දත්ත ලෙස භාවිතා කරනවා. මේ නිසා රොබෝවරුන්ට තමන්ගේ ශරීරය සහ අවට පරිසරය අතර වෙනස ඉතා හොඳින් වටහා ගැනීමට හැකි වෙනවා. ඔවුන්ගේ කාර්යාලයේදී පවා රොබෝවරුන් බාධක මඟහැර ගමන් කරන අයුරු දැකගන්න පුළුවන්. මේ තාක්ෂණය ඉදිරියේදී සැබෑ ලෝකයේ වැඩ කටයුතු සඳහා රොබෝවරුන් යොදා ගැනීමේදී විශාල පෙරළියක් සිදු කරාවි කියලා තමයි තාක්ෂණික ලෝකය විශ්වාස කරන්නේ.

Discussion & Feedback