කෘත්‍රිම බුද්ධි ක්ෂේත්රයේ අලුත්ම පෙරළියක් කරමින්, ආරම්භ වී මාස දෙකක් වැනි කෙටි කාලයක් තුළ ‘River AI’ නමැති නවක ආයතනය ඇමරිකානු ඩොලර් බිලියන 1.1ක දැවැන්ත අරමුදල් ප්‍රමාණයක් දිනා ගැනීමට සමත් වෙලා තියෙනවා. xAI ආයතනයේ සම-නිර්මාතෘවරයෙක් වන ඉගෝර් බබුෂ්කින් විසින් ආරම්භ කළ මෙම සමාගම සඳහා General Catalyst සහ AMP PBC වැනි ප්‍රධාන පෙළේ ආයෝජකයන් මුදල් යොදවා තිබෙනවා. Nvidia, AMD සහ Temasek වැනි දැවැන්තයන් පවා මෙම ව්‍යාපෘතියට සහය දක්වන්න එකතු වෙලා ඉන්නවා කියන එක තමයි විශේෂම කාරණය.
River AI ආයතනයේ ප්‍රධාන අරමුණ වෙන්නේ සාමාන්‍ය මිනිසුන්ට තමන්ගේම පෞද්ගලික සහායකයන් (Personal AI Agents) නිර්මාණය කරගන්න ඉඩ ලබා දීමයි. දැනට පවතින බොහෝ AI තාක්ෂණයන් මිනිස් ශ්‍රමය ආදේශ කිරීමට උත්සාහ කළත්, මොවුන් උත්සාහ කරන්නේ අපේ එදිනෙදා වැඩ කටයුතුවලදී අපිටම උදව් කරන ‘ආරක්ෂක දේවදූතයන්’ වැනි සහායකයන් බිහි කරන්නයි. මේ සඳහා ඔවුන් ඉතා වේගවත් සහ ලාභදායී නව තාක්ෂණික ක්‍රමවේදයක් හඳුන්වා දී තිබෙනවා. ඕනෑම ව්‍යාපාරයකට කිසිදු අමතර යටිතල පහසුකම් කණ්ඩායමක් නැතුව, ඉතා කෙටි කාලයකින් තමන්ගේම AI මාදිලි පුහුණු කරගන්න මේ හරහා පුළුවන්.
මේ වන විටත් ඔවුන් API සේවාවක් හරහා සංවර්ධකයන්ට තමන්ගේම මාදිලි පාලනය කරගැනීමේ හැකියාව ලබා දීලා තියෙනවා. ප්‍රොම්ප්ට් ඉංජිනේරු විද්‍යාවට (Prompt Engineering) විකල්පයක් ලෙස, තමන්ටම අයිති සහ තමන්ටම වැඩිදියුණු කළ හැකි AI මාදිලි නිර්මාණය කිරීමේ අවස්ථාව මෙයින් ලැබෙනවා. කෘත්‍රිම බුද්ධි ක්ෂේත්රය ඉතා වේගයෙන් වෙනස් වන මොහොතක, River AI ගෙන එන මේ නවමු දැක්ම ඉදිරියේදී ලෝකයේ බොහෝ දෙනාගේ අවධානය දිනා ගන්නා බව නම් ස්ථිරයි.

Discussion & Feedback