මේ දවස්වල දූෂිතයන්ට නීතියෙන් දඬුවම් ලැබෙන එක ගැන අද ඉන්න තරුණ පරපුර හරිම සතුටින් ඉන්නේ කියලා අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා. පසුගිය අඟහරුවාදා පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය නිකුත් කර තිබූ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින්. දූෂිතයන්ට දඬුවම් දීම ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවට එජාපය කළ චෝදනාව අමාත්‍යවරයා මෙහිදී තරයේ ප්‍රතික්ෂේප කළා.
අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ රට විනාශ කරපු හොරුන් සහ දූෂිතයන් එළවා දැමීම වෙනුවෙන් තමයි ගෝල්ෆේස් අරගලයේදී තරුණ පරපුර පෙළගැසුණේ කියලා. ඒ නිසා අද දූෂිතයන්ට නීතිය ක්‍රියාත්මක වෙද්දී තරුණ පරපුර ඉන්නේ ලොකු සතුටකින්. ඔවුන් කලකිරී සිටියේ මේ දේවල් සිද්ධ වෙන්න පරක්කු වුණ නිසයි. ඒ නිසා අද මේ රටේ තරුණ පරපුර දූෂිතයන්ට දඬුවම් ලැබෙන එක ගැන ඇත්තටම සතුටු වෙනවා කියලා අමාත්‍යවරයා අවධාරණය කළා.

Discussion & Feedback