වන් පීස් රසිකයින් අතර මේ දිනවල ලොකුම කතාබහක් ඇතිවෙලා තියෙන්නේ ලුෆීගේ ගියර් 5 බලය ගැනයි. වසර හතරකට කලින් හඳුන්වා දුන්නු මේ බලය ලුෆීගේ ප්රධානම ආයුධය වුණත්, එල්බාෆ් දූපතේදී ඉමු සමඟ සිදුවන සටනේදී ගියර් 5 හි ඇති සීමාවන් හොඳින්ම පේන්න පටන් අරන් තියෙනවා. විශේෂයෙන්ම ඉමුගේ ප්රහාර හමුවේ ලුෆී අසරණ වීමත් සමඟ, ගියර් 5 පමණක් මේ අවසාන සටන ජයග්රහණය කරන්න ප්රමාණවත් නොවන බවයි බොහෝ දෙනාගේ මතය වෙලා තියෙන්නේ.
කතාවේ යන විදිහට ලුෆීට තවත් අලුත් ගියර් එකක් ලැබෙයිද කියන එක ප්රශ්නයක් වුණත්, ගියර් 5 කියන්නේ ලුෆීගේ උපරිම බලය බව ඔහුම පවසා තිබෙනවා. ඒ නිසා අලුත් රූපයකට වඩා ලුෆීට අවශ්ය වෙන්නේ ඔහුගේ කොන්කරර්ස් හකි (Conqueror’s Haki) බලය තවත් වර්ධනය කරගන්නයි. ජෝයි බෝයිගේ හකි බලය එමෙට් තුළ ගබඩා වී තිබූ ආකාරය අපිට එග්හෙඩ් ආර්ක් එකේදී දැකගන්න ලැබුණා. ඉතින් ලුෆීටත් ඒ මට්ටමට තමන්ගේ හකි බලය දියුණු කරගන්න පුළුවන් වුණොත්, ඉමු පරාජය කිරීමේ සිහිනය සැබෑ කරගන්න ඔහුට හැකි වේවි.
අවසාන වශයෙන්, ලුෆී මේ පරාජයෙන් පාඩමක් ඉගෙනගෙන තවත් ශක්තිමත් වී නැවත පැමිණෙනු ඇති බවටයි බොහෝ රසිකයින් බලාපොරොත්තු වෙන්නේ. ගියර් 5 හි ඇති වෙහෙසකර බව සහ කූල්ඩවුන් කාලය මඟහරවා ගනිමින්, හකි බලය උපරිමයෙන් භාවිතා කිරීමට ලුෆී සමත් වුවහොත්, වන් පීස් ලෝකයේ ඉදිරි සටන් වඩාත් උණුසුම් වනු නොඅනුමානයි.

Discussion & Feedback