පෙරහැර සඳහා අලි ඇතුන් යෙදවීම සම්බන්ධයෙන් පවතින ගැටලු නිරාකරණය කරමින් නව ගැසට් නිවේදනයක් ඉතා ඉක්මනින් නිකුත් කිරීමට රජය පියවර ගනිමින් ඉන්නවා. පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා පාර්ලිමේන්තුවේදී මේ බව ප්‍රකාශ කළේ විපක්ෂ මන්ත්‍රී චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්. දැනට පෙරහැර සඳහා යොදා ගන්නා අලි ඇතුන්ගෙන් බහුතරයක් වයස අවුරුදු 65ත් 70ත් අතර පසුවන බවත්, ඒ සම්බන්ධයෙන් පවතින නීතිමය තත්ත්වය කුමක්දැයි ඇය එහිදී විමසා සිටියා.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ පෙරහැර සඳහා අලි ඇතුන් ලබා දීම නැවැත්වීමට රජය කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි. පෙර පැවති ගැසට් නිවේදනයේ ඇතැම් කොටස් අධිකරණ තීන්දු මත ඉවත් කිරීමට සිදු වූ නිසා, බුද්ධශාසන අමාත්‍යාංශය සහ විෂය ක්ෂේත්රයේ ප්‍රවීණයන් සමඟ සාකච්ඡා කර නව ගැසට් පත්‍රයක් සකස් කර අවසන් බව ඔහු පැවසුවා. එම ගැසට් නිවේදනය මේ වන විට අවසන් අදියරේ පවතින අතර, එය නිකුත් කිරීමෙන් පසු පෙරහැර සඳහා අලි ඇතුන් ලබා දීමේ ක්‍රියාවලිය වඩාත් විධිමත් ලෙස සිදු කිරීමට හැකියාව ලැබෙනවා.
සංස්කෘතික සහ ආගමික උත්සව සඳහා අලි ඇතුන් යෙදවීම පිළිබඳව පසුගිය කාලය පුරාම සමාජයේ විවිධ කතාබහ ඇති වුණා. කෙසේ වෙතත්, මෙම නව පියවර හරහා ආගමික පෙරහැරවල අභිමානය ආරක්ෂා කරමින් අලි ඇතුන්ගේ සුබසාධනය සහ නීතිමය පසුබිම තහවුරු කිරීමට රජය බලාපොරොත්තු වෙනවා.

Discussion & Feedback