මේ දිනවල පැවැත්වෙන වැනීසිය ජාත්යන්තර චිත්රපට උළෙලේදී ඉතාමත් වැදගත් පියවරක් තබමින් ‘ගාසා සිනමා ඇකඩමිය’ නිල වශයෙන් ආරම්භ කර තිබෙනවා. පලස්තීන සිනමාකරුවන් වන එසල්දීන් ෂල් සහ මායි මස්රි විසින් ආරම්භ කළ මෙම ව්යාපෘතියේ ප්රධාන අරමුණ වෙන්නේ ගාසා තීරයේ සිටින තරුණ තරුණියන්ට තමන්ගේම කතාන්දර සිනමාව හරහා ලෝකයට කියන්න අවශ්ය දැනුම සහ පහසුකම් ලබා දීමයි. යුද්ධය සහ අර්බුද මැද ජීවත් වන ගාසා වැසියන්ට සිනමාව කියන්නේ හුදෙක් කලාවක් විතරක්ම නෙවෙයි, එය තමන්ගේ මතකයන් සුරැකීමට සහ තමන්ගේ අනන්යතාවය ලොවට පෙන්වීමට ඇති ප්රබල මාධ්යයක් බවයි නිර්මාතෘවරුන් පවසන්නේ.
මෙම ඇකඩමිය හරහා දැනටමත් තරුණ කාන්තාවන් 25 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමකට මාස නවයක සිනමා අධ්යාපන වැඩසටහනක් ක්රියාත්මක කර තිබෙනවා. අල්-කුඩ්ස් විවෘත විශ්වවිද්යාලය සමඟ එක්ව සිනමා උපාධියක් දක්වා මෙය දියුණු කිරීමටත් ඔවුන් බලාපොරොත්තු වෙනවා. ලෝකයේ ප්රවීණ සිනමාකරුවන් රැසකගේ සහයෝගය මේ සඳහා ලැබී තිබෙන අතර, ගාසා තීරයේ තරුණ පරපුරට තමන්ගේ සිහින සැබෑ කරගන්න අවශ්ය අවස්ථාව ලබා දීම මෙහි මූලික අරමුණයි. ලොව පුරා සිටින සිනමා ආයතන සහ නිර්මාණකරුවන්ට මෙම වැඩසටහන සමඟ එක්වී ගාසා තීරයේ සිනමා කලාව නංවාලීමට දායක වන ලෙසත් ඔවුන් ආරාධනා කරනවා.

Discussion & Feedback