ඉතාලියේ ටියුරින් නුවරදී පැවති 19 වන ජාත්‍යන්තර පෘථිවි විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලියේදී අපේ රටේ ගේට්වේ විද්‍යාලයේ සිසුන් සිව්දෙනෙක් ඉතාමත් දක්ෂ ලෙස පදක්කම් 10ක් දිනාගෙන ලෝක මට්ටමින් ශ්‍රී ලංකාවේ නම බැබළුවා. මේ තරගාවලිය අගෝස්තු 20 සිට 27 දක්වා පැවැත්වුණු අතර, භූ විද්‍යාව, කාලගුණ විද්‍යාව සහ සාගර විද්‍යාව වැනි විෂයයන් රැසක් ඔස්සේ ලොව පුරා සිටින දක්ෂ සිසුන් මෙයට එක්ව සිටියා. ශ්‍රී ලංකාව නියෝජනය කළ සිසුන් සිව්දෙනාම ගේට්වේ විද්‍යාලයේ සිසුන් වීම විශේෂත්වයක්. ඔවුන් මෙවර දිනාගත් පදක්කම් ප්‍රමාණය ශ්‍රී ලංකාව මෙතෙක් මෙම තරගාවලියේදී ලබාගත් වැඩිම පදක්කම් සංඛ්‍යාව වීමත් සුවිශේෂී ජයග්‍රහණයක්.
මෙම කණ්ඩායමට ගේට්වේ කොළඹ විද්‍යාලයේ ලෝසර කුලතුංග, අයෝධ ඉඳුවර අබේරත්න, ගම්ලත්රාලලාගේ මිහින් අප්සර සහ ගේට්වේ දෙහිවල විද්‍යාලයේ සෙල්වේන්ද්‍ර ජතුරන් ඇතුළත් වුණා. මෙහිදී ලෝසර කුලතුංග රන් පදක්කමක් දිනා ගැනීමට සමත් වූ අතර, සෙසු සිසුන් ද රිදී සහ ලෝකඩ පදක්කම් රැසක් දිනා ගනිමින් ශ්‍රී ලංකාවට රන්, රිදී සහ ලෝකඩ පදක්කම් 10ක එකතුවක් ලබා දුන්නා. ශ්‍රී ලංකා භූ විද්‍යා සංගමය මගින් පැවැත්වූ ජාතික තරගාවලියේදී දක්ෂතා දැක්වූ මෙම සිසුන්, මාස ගණනාවක දැඩි කැපවීමකින් සහ පුහුණුවකින් පසුවයි මෙම ජාත්‍යන්තර ජයග්‍රහණය ලබා ගත්තේ. ඔවුන්ගේ මේ විශිෂ්ට දක්ෂතාවය අපේ රටේ පාසල් සිසුන්ට ලොකු ආදර්ශයක් වගේම අනාගතයේදී විද්‍යා ක්ෂේත්රයට යොමු වන දරුවන්ට ලොකු බලාපොරොත්තුවක්.

Discussion & Feedback