ශ්‍රී ලංකා භූ විද්‍යා සංගමය විසින් සංවිධානය කරපු 16 වැනි ශ්‍රී ලංකා පෘථිවි විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලියේදී විශිෂ්ට දක්ෂතා දක්වමින්, 2026 වසරේ ඉතාලියේ ටියුරින් නුවරදී පැවැත්වෙන 19 වැනි ජාත්‍යන්තර පෘථිවි විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට ගේට්වේ විද්‍යාලයේ සිසුන් සිව්දෙනෙක් සුදුසුකම් ලබා තිබෙනවා. මේ තරගාවලිය අගෝස්තු 20 සිට 27 දක්වා පැවැත්වෙන අතර, ලොව පුරා රටවල් 40කට අධික සංඛ්‍යාවක සිසුන් මෙයට එක්වීමට නියමිතයි. භූ විද්‍යාව, කාලගුණ විද්‍යාව සහ සාගර විද්‍යාව වැනි විෂයයන් රැසක් ආවරණය වන පරිදි පැවැත්වෙන මෙම තරගාවලියේදී සිසුන්ට විවිධ ප්‍රායෝගික සහ පර්යේෂණාත්මක අභියෝගවලට මුහුණ දීමට සිදුවෙනවා.
ජාතික මට්ටමේ තරගයෙන් සමස්ත ලංකා ප්‍රථම ස්ථානය දිනාගැනීමට ගේට්වේ කොලේජ් දෙහිවල සිසු සෙල්වේන්ද්‍ර ජතුරන් සමත් වුණා. ඔහු සමඟ ගේට්වේ කොලේජ් කොළඹ සිසුන් වන අයෝධ ඉඳුවර අබේරත්න, ලෝසර කුලතුංග සහ ගම්ලත්රාලලාගේ මිහින් අප්සරා යන සිසුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරනවා. මීට අමතරව, තවත් ගේට්වේ සිසුන් කිහිප දෙනෙක්ම ජාතික මට්ටමේ ඉහළම දක්ෂතා දැක්වූ සිසුන් අතරට එක්වීමට සමත් වීම විශේෂත්වයක්. සිසුන්ගේ මේ විශිෂ්ට ජයග්‍රහණය පිටුපස ඔවුන්ගේ කැපවීම වගේම ගුරුවරුන්ගේ සහ දෙමාපියන්ගේ මඟපෙන්වීමත් විශාල වශයෙන් තිබෙනවා. විද්‍යාත්මක විමර්ශන සහ විවේචනාත්මක චින්තනය දිරිමත් කරන ගේට්වේ ආයතනයේ අධ්‍යාපන ක්‍රමවේදය මේ ජයග්‍රහණය තුළින් මනාව පිළිබිඹු වෙනවා.

Discussion & Feedback