ලොව පුරාම රසිකයන් ආදරය කරන හැරී පොටර් කතා මාලාව නැවතත් HBO හරහා ටෙලි කතා මාලාවක් ලෙස නිර්මාණය වෙන්න යනවා. මේ ගැන අදහස් දක්වමින් සිරිස් බ්ලැක්ගේ චරිතයට පණ පෙවූ ප්රවීණ නළු ගැරී ඕල්ඩ්මන් කියලා තියෙන්නේ, මේ අලුත් නිර්මාණය චිත්රපටවලට වඩා රසිකයන්ට ගොඩක් තෘප්තිමත් අත්දැකීමක් වේවි කියලයි. එයා කියන විදිහට, චිත්රපටවලදී කාලය මදි නිසා පොතේ තිබුණු ගොඩක් දේවල් සහ චරිතවල ගැඹුරු පැති කපා හරින්න සිද්ධ වුණා. හැබැයි මේ ටෙලි කතා මාලාවේදී පොතේ තියෙන දේවල් ඒ විදිහටම වගේ ගෙන එන නිසා රසිකයන්ට ඒක ගොඩක් අලුත් අත්දැකීමක් වේවි.
තවදුරටත් අදහස් දක්වපු ගැරී ඕල්ඩ්මන්, මුල්ම චිත්රපට මාලාව නිර්මාණය කරපු ක්රිස් කොලම්බස්ගේ දායකත්වය ගැනත් සිහිපත් කළා. ඒ වගේම මේ අලුත් නිර්මාණය 2026 වසරේ නත්තල් සමයේදී HBO ඔස්සේ විකාශය වෙන්න නියමිතයි. මේ සඳහා අලුත් නළු නිළියන් රැසක් එකතු වෙලා ඉන්නවා. හැරී පොටර්ගේ ලෝකයට ආයෙත් යන්න බලාගෙන ඉන්න රසිකයන්ට මේ ආරංචිය ඇත්තටම ලොකු සතුටක් ගෙන දෙන එකක් බව නම් නිසැකයි. ඉතින් අපි බලමු මේ අලුත් නිර්මාණය කොහොම වෙයිද කියලා.

Discussion & Feedback