ලෝකයම බලාගෙන ඉන්න මීළඟ ජේම්ස් බොන්ඩ් කවුද කියන ප්රශ්නයට පිළිතුර දැනටමත් ලැබිලා ඉවරයි කියලා ප්රවීණ නළු ගැරී ඕල්ඩ්මන් හෙළි කරලා තියෙනවා. ඔහු මේ බව පවසා තිබුණේ ‘ස්ලෝ හොර්සස්’ (Slow Horses) කතා මාලාවේ ප්රවර්ධන කටයුතු අතරතුරදීයි. තමන් එක්ක රඟපාන ජැක් ලෝඩන් මේ චරිතයට ඉතාමත් සුදුසු බවත්, ඔහුව දැනටමත් බොන්ඩ් චරිතය සඳහා තෝරාගෙන ඇති බවත් ඔහු විශ්වාස කරනවා. ඇත්තටම මේ තේරීම සිදු කරලා ඉවර වුණත්, නිෂ්පාදකයන් තවමත් ඒ ගැන නිල වශයෙන් කිසිවක් ප්රකාශ කරලා නැහැ කියලයි ඔහු කියන්නේ.
ගැරී ඕල්ඩ්මන් මේ විදිහට අදහස් දැක්වීමත් එක්ක ජේම්ස් බොන්ඩ් රසිකයන් අතර ලොකු කුතුහලයක් ඇති වෙලා තියෙනවා. ඇත්තටම ජැක් ලෝඩන්වමද තෝරාගෙන තියෙන්නේ නැත්නම් වෙනත් කෙනෙක්ද කියන එක ගැන තවමත් නිශ්චිත දෙයක් කියන්න බැහැ. කොහොම වුණත්, ඇමසන් එම්.ජී.එම්. ස්ටුඩියෝස් ආයතනය මේ චරිතය සඳහා සුදුසුම නළුවා තෝරාගැනීමේ පරීක්ෂණ පසුගිය කාලයේදී ඉතා රහසිගතව සිදු කළා. හැරිස් ඩිකින්සන්, කැලම් ටර්නර් සහ ජේකබ් එලෝර්ඩි වැනි නළුවන්ගේ නම් මේ සඳහා මීට පෙර වැඩිපුරම කතාබහට ලක් වුණා.
දැන් හැමෝම බලාගෙන ඉන්නේ මේ රහස කවදා එළිවෙයිද කියලා. ගැරී ඕල්ඩ්මන්ගේ මේ ප්රකාශයත් එක්ක ජැක් ලෝඩන්ගේ නම ඉදිරියෙන්ම තියෙනවා. කොහොම වුණත්, බොන්ඩ් චරිතයට අලුත් මුහුණක් එකතු වෙන එක නම් අනිවාර්යයි. ඉදිරි දින කිහිපය ඇතුළත මේ ගැන නිල නිවේදනයක් ලැබෙයි කියලා හැමෝම බලාපොරොත්තු වෙනවා.

Discussion & Feedback