ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා තමන්ට සමාජ මාධ්‍ය හරහා දිගින් දිගටම එල්ල වන අපහාස සහ අසත්‍ය ප්‍රචාර සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා. තමන් මේ සම්බන්ධයෙන් යම් කාලයක් ඉවසා සිටියත්, තම සංගමයේ සාමාජිකයන් සහ පවුලේ අයගේ ඉල්ලීම මත නීතිමය පියවර ගැනීමට තීරණය කළ බවයි ඔහු පවසන්නේ. විශේෂයෙන්ම මෙට්‍රෝ බස් ව්‍යාපෘතිය සම්බන්ධයෙන් තමන් දැක්වූ අදහස් වැරදි ලෙස අර්ථකථනය කරමින් මෙම ප්‍රහාර එල්ල වන බව ඔහු පෙන්වා දෙනවා.
තමන් කිසිවිටෙකත් පොදු ප්‍රවාහන ව්‍යාපෘතිවලට විරුද්ධ නැති බවත්, තමන් මතු කළේ එම ව්‍යාපෘතියේ මූල්‍යමය ශක්‍යතාව සහ මහජන මුදල් වැය කිරීමේ විනිවිදභාවය පිළිබඳ ගැටලු බවත් ඔහු අවධාරණය කරනවා. දැනටමත් ලංකා ගමනාගමන මණ්ඩලය දිනකට රුපියල් මිලියන 20ක පමණ පාඩුවක් ලබන පසුබිමක, මෙවැනි ව්‍යාපෘති හරහා බදු ගෙවන ජනතාව මත තවත් බරක් පැටවෙනු ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ. 2023 වසරේදී චීනයේ එක්සිම් බැංකුව හරහා මූල්‍ය පහසුකම් ලබාගෙන මෙවැනි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට තමන් යෝජනා කළ බවත්, එදා එයට නිසි ප්‍රතිචාරයක් නොලැබුණු බවත් ඔහු සිහිපත් කරනවා.
මෙම සමාජ මාධ්‍ය ප්‍රහාර සංවිධානාත්මකව සිදුවන බවට සැක පළ කරන විජේරත්න මහතා, මේ සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කර සත්‍ය හෙළි කර දෙන ලෙස පොලිසියෙන් ඉල්ලා සිටිනවා. බස් රථවල තාක්ෂණික තත්ත්වය හෝ පෙනුම ගැන කතා කරනවාට වඩා, ප්‍රවාහන ක්ෂේත්රයේ පවතින ගැටලු තාක්ෂණික දැනුමෙන් යුතුව සාකච්ඡා කළ යුතු බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.

Discussion & Feedback