පසුගිය කාලය පුරාම ලෝකයේ ප්රධාන පෙළේ වීඩියෝ ක්රීඩා සමාගම් රැසක් තම සේවකයන් විශාල ප්රමාණයක් සේවයෙන් පහ කිරීම නිසා බොහෝ දක්ෂ නිර්මාණකරුවන් අසරණ වෙලා ඉන්නවා. මේ තත්ත්වය වෙනස් කරන්න බැරි වුණත්, ඔවුන්ට උදව් කරන්න itch.io ආයතනය අලුත්ම වැඩපිළිවෙළක් පටන් අරන් තියෙනවා. ඒ අනුව, ඇමරිකානු ඩොලර් 10ක් වැනි සුළු මුදලක් පරිත්යාග කරලා ඔබට PC ක්රීඩා 127කින් සමන්විත විශේෂ පැකේජයක් ලබාගන්න පුළුවන්. මේ සියලුම මුදල් රැකියා අහිමි වූ නිර්මාණකරුවන්ගේ ආහාර, සෞඛ්ය සහ නිවාස කුලී වැනි මූලික අවශ්යතා වෙනුවෙන් යොදවනවා.
මේ පැකේජයේ වටිනාකම ඇත්තටම ඩොලර් 1000කටත් වැඩියි, ඒ නිසා ඩොලර් 10කට මේ වගේ විශාල ක්රීඩා එකතුවක් ලැබෙන එක ගේමර්ස්ලාටත් ලොකු වාසියක්. ‘A Short Hike’ සහ ‘SkateBIRD’ වගේ ජනප්රිය ක්රීඩා පවා මේ අතර තියෙනවා. දැනටමත් මේ අරමුදලට ඩොලර් 20,000කට වඩා එකතු වෙලා තියෙන අතර, ඔවුන්ගේ ඉලක්කය ඩොලර් 100,000ක්. තව සති දෙකක් වගේ කාලයක් ඉතිරි වෙලා තියෙන නිසා, ඔබටත් පුළුවන් මේ උතුම් වැඩේට දායක වෙලා අලුත් ක්රීඩා ටිකක් ඔබේ එකතුවට එකතු කරගන්න. මේ වගේ උත්සාහයන් හරහා අසරණ වුණු නිර්මාණකරුවන්ට ලොකු සහනයක් ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

Discussion & Feedback