ගේම් ඔෆ් ත්රෝන්ස් ලෝලීන් අතර ගොඩක් ජනප්රිය චරිතයක් තමයි ‘ක්වීන් හූ නෙවර් වෝස්’ හෙවත් රේනිස් ටාගරියන් කියන්නේ. හවුස් ඔෆ් ද ඩ්රැගන් කතා මාලාවේදී ඇය සහ ඇගේ රතු මකරා වන මෙලීස්ගේ අවසානය රසිකයන්ට ගොඩක් දුක හිතෙන දෙයක් වුණා. හැබැයි දැන් අලුත්ම ආරංචිය තමයි, මේ ජනප්රිය චරිත දෙක නැවතත් ‘ගේම් ඔෆ් ත්රෝන්ස්: ඩ්රැගන්ෆයර්’ (Game of Thrones: Dragonfire) ක්රීඩාව හරහා රසිකයන් අතරට එන්න සූදානම් වෙලා ඉන්නවා කියන එක.
මේ අලුත් ‘ද ඩ්රැගන්ස් ඩිවයිඩ්’ (The Dragon’s Divide) ව්යාපෘතිය හරහා ක්රීඩකයන්ට රේනිස් ටාගරියන්ව තමන්ගේ කණ්ඩායමේ නායිකාවක් විදිහට තෝරාගන්න පුළුවන් වෙනවා. ඒ වගේම ඇගේ විශ්වාසවන්ත මකරා වන මෙලීස්ව ‘ලෙජන්ඩරි වොරියර්’ කෙනෙක් විදිහට ක්රීඩාවට එකතු කරලා තියෙනවා. මෙලීස්ගේ වේගය සහ සටන් කිරීමේ හැකියාවන් හරහා ක්රීඩකයන්ට තමන්ගේම විදිහට මේ යුද්ධය මෙහෙයවන්න අවස්ථාව ලැබෙනවා. රූක්ස් රෙස්ට් සටනේදී අවාසනාවන්ත ලෙස අවසන් වුණ මේ චරිත දෙක, දැන් ක්රීඩාව තුළින් නැවතත් පණ ලබන නිසා රසිකයන්ට අලුත්ම අත්දැකීමක් ලබාගන්න පුළුවන් වෙයි.
මේ ක්රීඩාවේදී රේනිස් සහ මෙලීස්ගේ පැමිණීම ඇත්තටම ගොඩක් විශේෂයි. මොකද ක්රීඩකයන් අතරින් වැඩිම ඉල්ලුමක් තිබුණ මකරා තමයි මෙලීස්. ඉතින් ඔයාලත් මේ ගේම් එක ප්ලේ කරන කෙනෙක් නම්, රේනිස් සහ මෙලීස් එක්ක එකතු වෙලා ටාගරියන් සිවිල් යුද්ධයේ ඉතිහාසය ආයෙත් අලුතින් ලියන්න ඔයාලට පුළුවන්.

Discussion & Feedback