ලොව පුරා අතිශය ජනප්රිය වුණු ‘ගේම් ඔෆ් ත්රෝන්ස්’ කතා මාලාවේ අලුත්ම වේදිකා නාට්ය නිර්මාණය වන ‘ද මැඩ් කිං’ (The Mad King) ලබන වසරේදී ලන්ඩන් නුවරදී ප්රදර්ශනය කිරීමට නියමිතයි. ස්ට්රැට්ෆර්ඩ්-අපොන්-ඒවන්හිදී ඉතා සාර්ථකව පැවැත්වුණු මෙම නාට්යය, තවත් පුළුල් ප්රේක්ෂක පිරිසක් වෙත රැගෙන යාමට ලැබීම ගැන එහි නිර්මාතෘ ජෝර්ජ් ආර්. ආර්. මාටින් සිය සතුට ප්රකාශ කර තිබෙනවා. මේ වන විටත් මෙම නාට්යය නැරඹීමට පැමිණි පිරිසෙන් 57%ක්ම රෝයල් ශේක්ස්පියර් සමාගමේ වේදිකා නාට්ය සඳහා අලුතින් එක්වූවන් වීම විශේෂත්වයක්.
මෙම නාට්යය ගොඩනැගී තිබෙන්නේ ‘ගේම් ඔෆ් ත්රෝන්ස්’ කතාවේ එන සුප්රසිද්ධ ‘රොබට්ස් රෙබෙලියන්’ හෙවත් රොබට්ගේ කැරැල්ල පසුබිම් කරගෙනයි. මැඩ් කිං හෙවත් ඒරිස් ටාගරියන් රජුගේ කුරිරු පාලනය, රේගාර් ටාගරියන් සහ ලියානා ස්ටාර්ක් අතර ඇතිවන ආදර කතාව සහ වෙස්ටෙරෝස් දේශයේ බල අරගලය මෙහිදී ඉතා අපූරුවට දැකගන්න පුළුවන්. ඩන්කන් මැක්මිලන්ගේ පිටපතකින් සහ ඩොමිනික් කුක්ගේ අධ්යක්ෂණයෙන් හැඩවෙන මෙම නාට්යය, ගේම් ඔෆ් ත්රෝන්ස් රසිකයන්ට අමතක නොවන අත්දැකීමක් ලබා දෙනු නොඅනුමානයි.
දැනට ස්ට්රැට්ෆර්ඩ්හි පැවැත්වෙන අවසන් දර්ශන වාරය සැප්තැම්බර් 5 වැනිදායින් අවසන් වීමට නියමිතයි. ලන්ඩනයේදී මෙය ප්රදර්ශනය කරන නිශ්චිත ස්ථානය සහ දිනයන් ඉදිරියේදී නිවේදනය කිරීමට නියමිත බවයි සංවිධායකයින් පවසන්නේ. ඔබත් ගේම් ඔෆ් ත්රෝන්ස් ලෝලියෙක් නම්, මෙම අපූරු වේදිකා නාට්යය නැරඹීමට ලැබෙන අවස්ථාව මගහැර ගන්න එපා.

Discussion & Feedback