ලොව පුරා අතිශය ජනප්රිය වුණු ‘ගේම් ඔෆ් ත්රෝන්ස්’ කතා මාලාවේ ආදරණීය චරිතයක් වන ජෝන් ස්නෝ නැවතත් අපේ තිරයට එන්න සූදානම් වෙනවා කියන ආරංචිය මේ වන විට රසිකයන් අතර ලොකු කතාබහක් ඇති කරලා තියෙනවා. 2019 වසරේදී අවසන් වුණු මේ කතා මාලාවෙන් පස්සේ ජෝන් ස්නෝගේ චරිතය නැවත දකින්න ලැබෙන්නේ ‘ගේම් ඔෆ් ත්රෝන්ස්: වෝ ඔෆ් වෙස්ටෙරෝස්’ කියන අලුත්ම වීඩියෝ ක්රීඩාව හරහායි. මුලින්ම මේ ක්රීඩාව නිකුත් කිරීමට නියමිතව තිබුණත්, එහි ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා එය 2027 වසරේ මුල් භාගය දක්වා කල් දමා තිබෙන බවයි PlaySide ස්ටුඩියෝව නිවේදනය කරන්නේ.
මේ අලුත් ක්රීඩාවේදී ජෝන් ස්නෝ ප්රධාන චරිතයක් විදිහට දකින්න ලැබෙන අතර, විශේෂයෙන්ම ‘බැට්ල් ඔෆ් ද බැස්ටඩ්ස්’ සටනේදී වගේම ඔහු තම හමුදාව මෙහෙයවන ආකාරය ක්රීඩකයන්ට අත්විඳින්න පුළුවන්. ස්ටාර්ක්, ලැනිස්ටර් සහ ටාගරියන් වැනි ප්රධාන පවුල්වල හමුදාවන් මෙහෙයවමින් ජෝන් ස්නෝ සමඟ සටන් බිමට පිවිසීමේ අවස්ථාව මෙහිදී ලැබෙනවා. ජෝන් ස්නෝට අමතරව ඩැනරිස් ටාගරියන්, ජේමි ලැනිස්ටර් සහ ටයිවින් ලැනිස්ටර් වැනි රසිකයන්ගේ ප්රියතම චරිත රැසක්ම මේ ක්රීඩාවට ඇතුළත් කරලා තියෙනවා. ඉතින් 2027 වසර එනකම් මේ ක්රීඩාව ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්න රසිකයන්ට නම් මේක ඇත්තටම සුපිරි ආරංචියක් වේවි.

Discussion & Feedback