ඔයා කැටන් (Settlers of Catan) වගේ බෝඩ් ගේම් වලට ආස කෙනෙක් නම්, ඒ වගේම ගේම් ඔෆ් ත්‍රෝන්ස් වගේ ෆැන්ටසි ලෝකවලට කැමති නම් ඔයාට අනිවාර්යයෙන්ම බලන්න වටින අලුත්ම ක්‍රීඩාවක් දැන් ස්ටීම් (Steam) එකට ඇවිත් තියෙනවා. මේ අලුත්ම ක්‍රීඩාවේ නම තමයි ‘Feed the Scorchpot’. මේක හරියට කැටන් ක්‍රීඩාවේ තියෙන උපාය මාර්ගික ගතියයි, මධ්‍යකාලීන ෆැන්ටසි ලෝකයක තියෙන අභිරහස් ගතියයි එකතු කරලා හදපු අපූරු නිර්මාණයක්. මේ ගේම් එකේදී ඔයාට සිද්ධ වෙන්නේ දූපතක් ආරක්ෂා කරගන්න මකරෙක්ව නිරන්තරයෙන්ම පෝෂණය කරන්න. අවුරුදු 20ක් පුරාවට මේ මකරාට කෑම දීලා දූපත බේරගන්න එක තමයි ඔයාගේ ප්‍රධාන අභියෝගය වෙන්නේ.
මේ ගේම් එකේ තියෙන විශේෂත්වය තමයි ඒකේ තියෙන රොගුලයික් (roguelike) ස්වභාවය. ඔයාට ලැබෙන අමුද්‍රව්‍ය එකතු කරලා, ගොඩනැගිලි හදලා, විවිධ වට්ටෝරු පාවිච්චි කරලා මකරාට කෑම හදන්න වෙනවා. හැබැයි පරිස්සමෙන්, මොකද ඔයා හදන එක වැරදුනොත් ඔයාගේ ගේම් එක එතනින්ම ඉවර වෙන්න පුළුවන්. දැනටමත් මේ ගේම් එකට 100%ක්ම පොසිටිව් රිවීව්ස් ලැබිලා තියෙනවා. ගොඩක් අය කියන්නේ මේක කැටන් සහ බැලට්රෝ (Balatro) වගේ ගේම් එකක අපූරු මිශ්‍රණයක් කියලා. තව විශේෂ දෙයක් තමයි, මේ ගේම් එකේදී ඔයාට මකරාව අතගාන්නත් පුළුවන්! ඔයා අලුත් අත්දැකීමක් හොයනවා නම් අනිවාර්යයෙන්ම මේ ගේම් එක ට්‍රයි කරලා බලන්න.

Discussion & Feedback