ලොව පුරා අතිශය ජනප්රිය වුණු ‘ගේම් ඔෆ් ත්රෝන්ස්’ කතා මාලාව අවසන් වුණත්, ඒ ආශ්රිත නිර්මාණවලට තවමත් තියෙන්නේ ලොකු ඉල්ලුමක්. මේ අතරේ තමයි රසිකයන් නොඉවසිල්ලෙන් බලාගෙන හිටපු අලුත්ම ආරංචිය ලැබිලා තියෙන්නේ. ඒ තමයි, 2027 වසරේදී එළිදැක්වෙන ‘වෝ ෆෝ වෙස්ටෙරෝස්’ (War for Westeros) නම් අලුත්ම වීඩියෝ ක්රීඩාව හරහා ආදරණීය චරිතයක් වන ආර්යා ස්ටාර්ක් නැවතත් අපිට දැකගන්න ලැබෙනවා කියන එක. මේ ක්රීඩාව වෙස්ටෙරෝස් දේශයේ බලය වෙනුවෙන් සිදුවන යුද්ධ සහ රාජ්ය තාන්ත්රික ගැටුම් පාදක කරගෙන නිර්මාණය කරලා තියෙන එකක්.
ප්ලේසයිඩ් ස්ටූඩියෝස් (PlaySide Studios) විසින් නිර්මාණය කරන මේ ක්රීඩාවේදී ආර්යා ස්ටාර්ක් ප්රධාන චරිතයක් විදිහට ඇතුළත් කරලා තියෙනවා. ඇයගේ විශේෂ හැකියාවක් වන මුහුණු වෙනස් කර ගැනීමේ හැකියාව පවා මේ ක්රීඩාව තුළ ඉතාම දක්ෂ ලෙස නිරූපණය කරලා තියෙනවා. ආර්යාට අමතරව ‘ද මවුන්ටන්’ හෙවත් ග්රෙගර් ක්ලෙගේන් වැනි චරිතත් මේ ක්රීඩාවෙන් බලාගන්න පුළුවන්. ගේම් ඔෆ් ත්රෝන්ස් ලෝකයේ උපාය මාර්ගික ක්රීඩාවක අඩුව පුරවන්න මේ නිර්මාණයට පුළුවන් වෙයි කියලා තමයි බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ. ඉතින් 2027 මුල් භාගයේදී එළිදැක්වෙන මේ අලුත්ම අත්දැකීම ලබාගන්න ගේම් ඔෆ් ත්රෝන්ස් රසිකයන්ට තව වැඩි කාලයක් බලාගෙන ඉන්න වෙන්නේ නැහැ.

Discussion & Feedback