ගේම් ඔෆ් ත්රෝන්ස් කතා මාලාවේ අටවැනි වාරය අවසන් වුණේ බොහෝ රසිකයන්ගේ දැඩි විවේචනයට ලක්වෙමින්. දශකයකට අධික කාලයක් පුරා ගොඩනැගුණු කතාවේ අවසානය බොහෝ දෙනෙක් බලාපොරොත්තු වුණේ නැති විදිහට අවසන් වීම නිසා රසිකයන් හිටියේ ලොකු කලකිරීමකින්. හැබැයි දැන් ඒ කලකිරීම නැති කරමින් රසිකයන්ගේ ආදරය දිනාගත්ත ජෝන් ස්නෝ චරිතය නැවතත් අපිට දකින්න ලැබෙනවා. ඒ අලුතින් එන්න තියෙන ‘ගේම් ඔෆ් ත්රෝන්ස්: වෝ ෆෝ වෙස්ටෙරෝස්’ (Game of Thrones: War for Westeros) කියන වීඩියෝ ගේම් එක හරහායි. මේ ගේම් එකේදී ජෝන් ස්නෝගේ චරිතයට නැවතත් පණ පොවන්නේ කිට් හැරින්ටන් විසින්ම වීම විශේෂත්වයක්.
මේ ගේම් එකේ ට්රේලර් එක නිකුත් වුණාට පස්සේ රසිකයන් ගොඩක් දෙනෙක් කියන්නේ මේක අටවැනි වාරයට වඩා හොඳ අවසානයක් ලබා දෙන බවයි. විශේෂයෙන්ම ජෝන් ස්නෝ සහ නයිට් කිං අතර සිදුවන සටන දැක්කම රසිකයන්ට දැනෙන්නේ අටවැනි වාරයේදී මගහැරුණු යුක්තිය ඉටු වුණා වගේ හැඟීමක්. මේ ගේම් එකේදී ක්රීඩකයන්ට වෙස්ටෙරෝස් රාජධානියේ ඉරණම තමන්ට ඕන විදිහට වෙනස් කරන්නත්, දේශපාලන සන්ධාන සහ යුද්ධවල ප්රතිඵල තීරණය කරන්නත් පුළුවන් වෙනවා. මේ වසරේම නිකුත් වෙන්න නියමිත මේ ගේම් එක ගැන රසිකයන් ඉන්නේ ලොකු බලාපොරොත්තුවකින්. හවුස් ඔෆ් ද ඩ්රැගන් වගේ නිර්මාණ නිසා ගේම් ඔෆ් ත්රෝන්ස් ලෝකය ගැන තියෙන උනන්දුව තවත් වැඩි වෙලා තියෙන වෙලාවක මේ ආරංචිය රසිකයන්ට නම් ලොකු සතුටක්.

Discussion & Feedback