අභ්යවකාශ විද්යා ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, විද්යාඥයන් පිරිසක් පළමු වරට මන්දාකිණි පොකුරක චුම්භක ක්ෂේත්රය සම්පූර්ණයෙන්ම ප්රතිනිර්මාණය කිරීමට සමත් වෙලා තියෙනවා. පෘථිවියේ සිට ආලෝක වර්ෂ බිලියනයක් පමණ ඈතින් පිහිටි ‘Abell 2255’ නම් මෙම දැවැන්ත මන්දාකිණි පොකුර අධ්යයනය කිරීම සඳහා යුරෝපීය ‘LOFAR’ රේඩියෝ දුරේක්ෂය පැය 224ක කාලයක් පුරා දත්ත රැස් කර තිබෙනවා. මෙමගින් විශ්වයේ විශාලතම ව්යුහයන් නිර්මාණය වන ආකාරය සහ ඒවායේ චුම්භක ක්ෂේත්ර හැඩගැසෙන ආකාරය පිළිබඳව අපට අලුත් දැනුමක් ලැබෙනවා.
මෙම පර්යේෂණයට නායකත්වය දුන් ඉතාලි ජාතික තාරකා භෞතික විද්යා ආයතනයේ ඇන්ඩ්රියා බොටියොන් පවසන පරිදි, මෙම චුම්භක ක්ෂේත්ර අහඹු ලෙස විසිරී පවතින්නේ නැහැ. ඒ වෙනුවට, මන්දාකිණි පොකුරු නිර්මාණය වීමේදී සිදුවන වායු චලනයන් මගින් මෙම ක්ෂේත්ර විවිධ දිශාවන්ට ඇදීම හෝ සම්පීඩනය වීම සිදුවන බව ඔවුන් සොයාගෙන තියෙනවා. විශේෂයෙන්ම, මන්දාකිණි පොකුරු වර්ධනය වීමට බලපාන එම ක්රියාවලීන්ම ඒවායේ චුම්භක ක්ෂේත්රවල හැඩය තීරණය කරන බවට මෙය ප්රබල සාක්ෂියක් වෙනවා. මෙම සොයාගැනීම මගින් විශ්වයේ මහා පරිමාණ ව්යුහයන්ගේ ගතිකත්වය තේරුම් ගැනීමට විද්යාඥයන්ට විශාල පිටුවහලක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරනවා.

Discussion & Feedback