DC සිනමා විශ්වයේ වොන්ඩර් වුමන් ලෙස ලොව පුරා රසික ආදරය දිනාගත් ගාල් ගැඩොට්, තමන් නැවත කිසි දිනෙක එම චරිතයට පණ පොවන්නේ නැති බව ප්රසිද්ධියේ ප්රකාශ කර තිබෙනවා. ජේම්ස් ගන් සහ පීටර් සෆ්රාන් DC ස්ටුඩියෝස් භාර ගැනීමෙන් පසුව, පැටි ජෙන්කින්ස් අධ්යක්ෂණය කිරීමට නියමිතව තිබූ තුන්වන වොන්ඩර් වුමන් චිත්රපටය අවලංගු කිරීමත් සමඟ ඇය මෙම තීරණයට එළඹ තිබෙනවා. විශේෂයෙන්ම හෙන්රි කැවිල් සහ පැටි ජෙන්කින්ස් වැනි ප්රවීණයන්ව DC ආයතනය සැලකූ ආකාරය පිළිබඳව ඇය සිය අප්රසාදය පළ කර ඇති අතර, එය කිසිසේත්ම ගෞරවනීය ක්රියාවක් නොවන බවයි ඇය පවසන්නේ.
තමන්ට නැවත වොන්ඩර් වුමන් චරිතය රඟපෑමට ආරාධනාවක් ලැබුණත්, තමන් එය භාර නොගන්නා බව ඇය අවධාරණය කරනවා. මේ වන විට දරුවන් හතර දෙනෙකුගේ මවක් ලෙස තම පවුල් ජීවිතය සහ දරුවන්ගේ අධ්යාපන කටයුතු වෙනුවෙන් වැඩි කාලයක් කැප කිරීමට සිදුව ඇති නිසා, දීර්ඝ කාලයක් රූගත කිරීම් සඳහා වෙන් වීමට තමන්ට නොහැකි බව ඇය පවසනවා. “වොන්ඩර් වුමන් කියන්නේ මට පමණක් අයිති චරිතයක් නෙවෙයි, මම ඒ චරිතයට පණ දුන් එක් මාධ්යයක් පමණයි” යනුවෙන් පවසන ඇය, ඉදිරියේදී මේ චරිතය රඟපාන ඕනෑම අයෙකුට තමන් සුබ පතන බවත් සඳහන් කරනවා. හොලිවුඩයේ සිදුවන මෙවැනි වෙනස්කම් තමන් හොඳින් තේරුම් ගෙන සිටින බවත්, තමන් මේ ගමන ගැන ඉතාමත් සතුටු වන බවත් ඇය වැඩිදුරටත් පවසා තිබෙනවා.

Discussion & Feedback