ලෝක ප්‍රකට ඇමසන් සමාගම තමන්ගේ වෙබ් අඩවියේ දැන්වීම් පළ කරන ව්‍යාපාරිකයන්ගෙන් රහසිගතව වැඩිපුර මුදලක් අය කරමින් විශාල වංචාවක් සිදු කළ බවට ඇමරිකාවේ ෆෙඩරල් වෙළඳ කොමිසම (FTC) සහ ප්‍රාන්ත 22ක් එක්වී නඩු පවරා තිබෙනවා. පසුගිය වසර හතක කාලය පුරා ඇමසන් සමාගම තමන්ගේ දැන්වීම් වෙන්දේසි ක්‍රමය වෙනස් කරමින්, ව්‍යාපාරිකයන්ට නොදැනෙන්නට අමතර ගාස්තු අය කර ඇති බවයි මෙම පැමිණිල්ලේ සඳහන් වෙන්නේ. මෙයින් මිලියනයකට අධික ව්‍යාපාරිකයන් පිරිසක් පීඩාවට පත්ව ඇති අතර, ඇමසන් සමාගම මේ හරහා බිලියන ගණනක අමතර ආදායමක් උපයාගෙන තිබෙනවා.
ඇමසන් සමාගම මුලින් පවසා තිබුණේ ඔවුන්ගේ වෙන්දේසි ක්‍රමය ‘දෙවන මිල’ ක්‍රමයට සිදුවන බවයි. ඒ කියන්නේ, ජයග්‍රාහී දැන්වීම්කරු ගෙවිය යුත්තේ ඊළඟට වැඩිම ලංසුව ඉදිරිපත් කළ තැනැත්තාට වඩා ශතයකින් වැඩි මුදලක් පමණයි. නමුත් 2019 වසරේ සිට ඇමසන් සමාගම කිසිදු දැනුම්දීමකින් තොරව ‘සොෆ්ට් රිසව් ප්‍රයිස්’ නමින් රහසිගත ගාස්තුවක් එකතු කර තිබෙනවා. මේ නිසා ව්‍යාපාරිකයන්ට තමන්ගේ සම්පූර්ණ ලංසු මුදලම ගෙවීමට සිදුවී ඇති අතර, මෙය ඇත්තටම පළමු මිල ක්‍රමයක් බවට පත්වෙලා. මේ සම්බන්ධයෙන් ඇමසන් සමාගම පවසන්නේ මෙම චෝදනා පදනම් විරහිත බවත්, ඔවුන්ගේ ක්‍රමවේදය ගැන දැන්වීම්කරුවන් දැනුවත් කර ඇති බවත්ය. කෙසේ වෙතත්, මෙම නඩුව නිසා ඇමසන් සමාගමේ අනාගත වෙළඳ කටයුතු කෙරෙහි විශාල බලපෑමක් එල්ල වනු ඇති බවටයි විචාරකයින් පවසන්නේ.

Discussion & Feedback