ශ්‍රී ලංකා පොලිසිය විසින් පොලිස් සහායක සේවයට අලුතින් බඳවා ගැනීම් 383ක් සිදු කිරීමට තීරණය කරලා තියෙනවා. මේ ගැන විස්තර 2026 ජූලි 10 වැනිදා නිකුත් කරපු අතිවිශේෂ ගැසට් පත්‍රයේ සඳහන් වෙනවා. මේ යටතේ උප පොලිස් පරීක්ෂක තනතුරු 177ක් සහ පොලිස් කොස්තාපල් තනතුරු 206ක් පුරවන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මේ සඳහා අයදුම්පත් භාරගන්න අන්තිම දිනය විදිහට අගෝස්තු 14 වැනිදා නම් කරලා තියෙන අතර, ඔයාලට පුළුවන් මේ අයදුම්පත් ඔන්ලයින් ක්‍රමයට විතරක් යොමු කරන්න.
මේ රැකියා අවස්ථා අතර වෙබ් එඩිටින්, සිස්ටම් ඇනලිසිස්, ප්‍රෝග්‍රෑමින්, ග්‍රැෆික් ඩිසයින් වගේ තාක්ෂණික ක්ෂේත්‍ර වගේම, ෆාමසිස්ට්, හෙද සේවය, වෛද්‍ය රසායනාගාර තාක්ෂණ ශිල්පීන් වගේ වෘත්තීය මට්ටමේ රැකියා රැසක් තියෙනවා. ඒ වගේම පොලිස් කොස්තාපල් තනතුරු සඳහා රියදුරන්, වෙල්ඩින් ශිල්පීන්, ශබ්ද පරිපාලකවරුන්, මේකප් ආටිස්ට්ලා සහ යෝග්‍යතා උපදේශකවරුන් වැනි විවිධ ක්ෂේත්රවල අයටත් අයදුම් කරන්න පුළුවන්. පිරිමි සහ කාන්තා දෙපාර්ශවයටම මේ සඳහා අයදුම් කිරීමේ අවස්ථාව හිමිවෙනවා.
ඔයාලා සුදුසුකම් සපුරලා ඉන්න කෙනෙක් නම් අගෝස්තු 14 වැනිදාට කලින් අනිවාර්යයෙන්ම අයදුම් කරන්න අමතක කරන්න එපා. මේ ගැන වැඩි විස්තර පොලිස් වෙබ් අඩවියෙන් වුණත් බලාගන්න පුළුවන්. තමන්ගේ වෘත්තීය ජීවිතයට හොඳ අවස්ථාවක් හොයන අයට මේක ඇත්තටම හොඳ අවස්ථාවක් වේවි.

Discussion & Feedback