අපේ රටේ තරුණ ව්‍යවසායකයෙක් වන ජෙරල්ඩ් සත්‍යසිවම් මහතාගේ ‘The Emotion AI’ ආයතනය මේ වන විට ලෝකයේ ප්රබලතම චිප් නිෂ්පාදකයා වන NVIDIA ආයතනයේ ‘NVIDIA Inception’ වැඩසටහනට තෝරාගෙන තියෙනවා. මීට මාස තුනකට කලින් අග්නිදිග ආසියාවේ නැගී එන AI නායකයින් 20 දෙනා අතරට එකම ශ්‍රී ලාංකිකයා ලෙස ඔහු පත්වුණා. මේ ජයග්රහණයෙන් පෙන්නුම් කරන්නේ ලෝක මට්ටමේ තාක්ෂණික නවෝත්පාදනයන් අපේ රටේ ඉඳන් වුණත් කරන්න පුළුවන් කියන එකයි.
බොහෝ විට ලංකාවේ වෙළඳ දැන්වීම් පරීක්ෂා කරන්න පාවිච්චි කරන්නේ බටහිර රටවල දත්ත මත පදනම් වුණු මෘදුකාංග. ඒ නිසා අපේ රටේ සංස්කෘතියට ගැලපෙන දේවල් පවා වැරදි විදිහට තක්සේරු වෙන්න පුළුවන්. ජෙරල්ඩ්ගේ ‘Viral Sense’ කියන මෘදුකාංගය මගින් කරන්නේ දැන්වීමක් ප්‍රචාරය කරන්න කලින් ඒක කොච්චර සාර්ථකද කියලා තත්පර කිහිපයකින් 0-100 දක්වා ලකුණු ලබා දීමයි. මේක සාමාන්‍ය ෆෝකස් ගෲප් එකකට යන සති ගණනක කාලය ඉතිරි කරලා දෙනවා වගේම, අපේ කලාපයටම ගැලපෙන දත්ත පදනම් කරගෙන ප්‍රතිඵල ලබා දෙනවා.
දැනටමත් ශ්‍රී ලංකාව, මැලේසියාව සහ සිංගප්පූරුව වැනි රටවල් ගණනාවක මේ තාක්ෂණය සාර්ථකව භාවිතා කරනවා. NVIDIA ආයතනය සමඟ එකතු වීමෙන් පස්සේ වීඩියෝ දැන්වීම් විශ්ලේෂණය තවත් වේගවත් කරන්නත්, කලාපීය දත්ත තවදුරටත් දියුණු කරන්නත් ඔවුන් බලාපොරොත්තු වෙනවා. ඕනෑම කෙනෙක්ට theemotionai.com/creative-score හරහා තමන්ගේ දැන්වීම් තුනක් නොමිලේම පරීක්ෂා කරගන්නත් දැන් අවස්ථාව තියෙනවා.

Discussion & Feedback