දැනට සමාජ මාධ්‍ය තුළ පවතින ඇල්ගොරිතම සහ කෘත්‍රිම බුද්ධිය (AI) මගින් පාලනය වන අන්තර්ගතයන්ගෙන් මිදී, සැබෑ මිතුරන් සමඟ පමණක් සමීපව සම්බන්ධ වීමට කැමති පරිශීලකයන් වෙනුවෙන් නිර්මාණය කළ ‘Retro’ ඡායාරූප බෙදාගැනීමේ ඇප් එකට මේ වන විට ඩොලර් මිලියන 21කට අධික අරමුදල් ප්‍රමාණයක් ලැබී තිබෙනවා. ඉන්ස්ටග්‍රෑම් ආයතනයේ හිටපු ඉංජිනේරුවන් දෙදෙනෙකු විසින් ආරම්භ කළ මෙම සමාගම, මේ වන විට ඩොලර් මිලියන 100කට වඩා වැඩි වටිනාකමකින් යුත් ව්‍යාපාරයක් බවට පත්වෙලා. ප්‍රචාරණ දැන්වීම් මගින් මුදල් ඉපයීම වෙනුවට, පරිශීලකයන්ට අවශ්‍ය විශේෂාංග සඳහා දායකත්ව මුදල් අය කිරීමේ ක්‍රමවේදයක් මෙහි අනුගමනය කිරීම විශේෂත්වයක්.
2023 වසරේදී හඳුන්වා දුන් මෙම ඇප් එක හරහා පරිශීලකයන්ට තමන්ගේ සතියේ මතකයන් පෞද්ගලිකව මිතුරන් සමඟ බෙදාගන්න, හවුල් ඇල්බම් හදන්න සහ පැරණි මතකයන් නැවත සිහිපත් කරන්න පුළුවන්. මේ වන විට මිලියන 7කට අධික වාර ගණනක් බාගත කර ඇති මෙම ඇප් එකේ, පසුගිය දින 180 තුළ පරිශීලකයන්ගේ වියදම් කිරීම් 460%කින් ඉහළ ගොස් තිබෙනවා. ප්‍රධාන පෙළේ ආයෝජකයන් රැසකගේ සහයෝගය ලැබී ඇති Retro, අනාගතයේදී සමාජ මාධ්‍ය භාවිතය වඩාත් පෞද්ගලික සහ අර්ථවත් අත්දැකීමක් බවට පත් කරනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස කරනවා.

Discussion & Feedback