ප්‍රංශය පුරා පාසල් සිසුන් දියත් කර තිබෙන විරෝධතා ව්‍යාපාරය මේ වන විට ප්‍රචණ්ඩකාරී මුහුණුවරක් ගනිමින් තිබෙනවා. පන්ති කාමරවල ඉඩකඩ මදිවීම සහ ගුරුවරුන්ගේ හිඟය වැනි ගැටලු මුල් කරගෙන ආරම්භ වුණු මෙම විරෝධතා නිසා පසුගිය සඳුදා වන විට පාසල් 180කට ආසන්න සංඛ්‍යාවක් අවහිර වී තිබෙනවා. මේ අතරතුර ඇති වුණු ගැටුම්වලින් සිසුන්, ගුරුවරුන් සහ ආරක්ෂක අංශ සාමාජිකයන් ඇතුළු පිරිසක් තුවාල ලබා ඇති අතර, ප්රචණ්ඩ ක්‍රියාවල නිරත වුණු 164 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රංශ අගමැති සෙබස්තියන් ලෙකෝර්නු පවසන්නේ, විරෝධතා මුවාවෙන් සිදුවන ගිනි තැබීම් සහ ප්රචණ්ඩ ක්‍රියා කිසිසේත්ම අනුමත කළ නොහැකි බවයි. සිසුන්ගේ ගැටලු විසඳිය යුතු බව පිළිගන්නා නමුත්, නීතිය අතට ගෙන පොලිසියට පහරදීම වගකීම් විරහිත ක්‍රියාවක් බව ඔහු අවධාරණය කරනවා. කෙසේ වෙතත්, සිසුන් නියෝජනය කරන වෘත්තීය සමිති පවසන්නේ වසර දහයක කාලයක් තිස්සේ අධ්‍යාපන ක්ෂේත්රයට සිදුව ඇති අසාධාරණයට එරෙහිව ඔවුන් සාධාරණ අරගලයක නිරත වන බවයි. මේ වන විට ප්‍රංශයේ ප්‍රධාන නගර රැසකටම පැතිරී ඇති මෙම විරෝධතා නිසා එරට අධ්‍යාපන පද්ධතිය දැඩි අර්බුදයකට ලක්ව තිබෙනවා.

Discussion & Feedback