මේ දිනවල යුරෝපය පුරා පැතිර යන දරුණු ලැව්ගිනි හේතුවෙන් විශාල විනාශයක් සිදුවෙමින් පවතිනවා. ප්‍රංශයේ දරුණු ලෙස බලපෑමට ලක්වූ ප්‍රදේශයක සංචාරයක නිරත වූ ප්‍රංශ අගමැති සෙබස්තියන් ලෙකෝර්නුට දේශීය ජනතාවගෙන් දැඩි විරෝධයක් එල්ල වුණා. ගින්නෙන් නිවාස 183ක් විනාශ වූ ලෙ පෝර්ජ් ප්‍රදේශයේ ජනතාව චෝදනා කරන්නේ, අගමැතිවරයා තමන්ව මුණගැසීම මගහැරිය බවයි. කෙසේ වෙතත්, අගමැතිවරයා පවසන්නේ ගින්න නිවීමේ මෙහෙයුම් සම්බන්ධයෙන් කිසිවක් වසන් කිරීමට නැති බවත්, විනාශ වූ නිවාස නැවත ගොඩනැගීම සඳහා යුරෝ මිලියන 12ක ආධාර මුදලක් ලබා දෙන බවත්ය.
ප්‍රංශයට පමණක් නොව බෙල්ජියම, ග්‍රීසිය, ස්පාඤ්ඤය සහ ක්‍රොඒෂියාව වැනි රටවලටත් මෙම ලැව්ගිනි තත්ත්වය දැඩි ලෙස බලපා තිබෙනවා. ග්‍රීසියේ දූපත් කිහිපයක හටගත් ලැව්ගිනි හේතුවෙන් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ස්පාඤ්ඤයේදී සෙබළෙකු ද මියගොස් තිබෙනවා. ක්‍රොඒෂියාවේ ලැව්ගිනි ඇති කළ බවට සැකපිට පුද්ගලයන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, යුරෝපා සංගමයේ රටවල් එකිනෙකාට සහය වෙමින් මෙම ව්‍යසනය පාලනය කිරීමට දැඩි උත්සාහයක නිරත වෙනවා. දේශගුණික විපර්යාස සහ අධික උෂ්ණත්වය හේතුවෙන් යුරෝපය මෙවැනි දරුණු තත්ත්වයකට මුහුණ දී සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Discussion & Feedback