ප්‍රංශයේ සංස්කෘතික අමාත්‍යාංශයේ ඉහළ පෙළේ නිලධාරියෙක් රැකියා සම්මුඛ පරීක්ෂණවලට පැමිණි කාන්තාවන්ට මත්ද්‍රව්‍ය ලබාදී ඔවුන්ව අසරණ තත්ත්වයට පත් කළ බවට බරපතළ චෝදනා එල්ල වෙලා තියෙනවා. ක්‍රිස්ටියන් නෙග්රේ නම් මෙම නිලධාරියා 2009 සිට 2018 දක්වා කාලය තුළ කාන්තාවන් 250කට ආසන්න සංඛ්‍යාවකට මෙලෙස වධ හිංසා පමුණුවා ඇති බවයි වාර්තා වෙන්නේ. ඇනායිස් ද වෝස් නම් කාන්තාවක් පවසන්නේ තමන් සම්මුඛ පරීක්ෂණයකට ගිය අවස්ථාවේ ඔහු ලබාදුන් කෝපි පානය කිරීමෙන් පසු ශරීරයේ පාලනය ගිලිහී ගිය බවත්, මුත්‍රා පිටවීම පාලනය කරගත නොහැකිව දැඩි අපහසුතාවයට පත් වූ බවත්ය. ඇයව ඉතා අමානුෂික ලෙස පාරේ තැනක මුත්‍රා කිරීමට පොළඹවා ඔහු එය දෙස සතුටින් බලා සිටි බව ඇය සිහිපත් කරන්නේ දැඩි කම්පනයකින්.
පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ මෙම පුද්ගලයා තම පරිගණකයේ ‘Experiments P’ නමින් ලේඛනයක් පවත්වාගෙන ගොස් ඇති බවයි. එහි ඔහු විසින් මත්ද්‍රව්‍ය ලබාදුන් කාන්තාවන්ගේ විස්තර සහ එම සිදුවීම් සටහන් කර තිබෙනවා. ඔහු මෙම කාන්තාවන්ට ලබාදී ඇත්තේ ශරීරයේ මුත්‍රා පිටවීම උත්තේජනය කරන ඖෂධ වර්ගයක් බවයි පොලිසිය සැක කරන්නේ. වසර ගණනාවකට පසු පොලිසියෙන් ලැබුණු ලිපියක් හරහා තමන්ට සිදුවූ අසාධාරණය ගැන දැනගන්න ලැබීමෙන් තමන් කම්පනයට පත් වූ බවත්, නමුත් තමන් පිස්සු වැටී නොමැති බව තහවුරු වීම ගැන යම් සහනයක් දැනෙන බවත් ඇනායිස් පවසනවා. මේ වන විට නීතිය ඉදිරියේ මෙම සිදුවීම සම්බන්ධයෙන් දැඩි කතාබහක් ඇතිවෙලා තියෙනවා.

Discussion & Feedback