අපේ රටේ ගවයින්, මී හරක් සහ එළුවන් අතර වේගයෙන් පැතිර යන පාද හා මුඛ රෝගය (FMD) සහ ලම්පි ස්කින් (LSD) රෝගය පාලනය කිරීම සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය විසින් විශේෂ වැඩසටහනක් ආරම්භ කරලා තියෙනවා. ස්වාභාවික ආපදා කාලවලදී මේ රෝග සතුන් අතර පැතිරීම වළක්වාගෙන, අපේ රටේ පශු සම්පත් ක්ෂේත්රය ශක්තිමත් කිරීම තමයි මේ වැඩසටහනේ ප්‍රධාන අරමුණ වෙන්නේ. මේ සඳහා රජය විසින් රුපියල් මිලියන 152කට අධික විශාල මුදලක් වෙන් කරලා තියෙනවා.
මේ මුදලින් රුපියල් මිලියන 79කට වඩා වැඩි ප්‍රමාණයක් පාද හා මුඛ රෝග එන්නත් සඳහාත්, රුපියල් මිලියන 73කට ආසන්න මුදලක් ලම්පි ස්කින් රෝග එන්නත් සඳහාත් වෙන් කරලා තියෙනවා. මේ වන විටත් අදාළ එන්නත් සියලුම දිස්ත්‍රික්කවල තියෙන පශු වෛද්‍ය මධ්‍යස්ථාන වෙත බෙදාහැරලා ඉවරයි. ඒ නිසා ගොවි මහත්වරුන්ට සහ සතුන් ඇති කරන අයට තමන්ගේ සතුන්ව ළඟම තියෙන පශු වෛද්‍ය මධ්‍යස්ථානයට අරගෙන ගිහින් මේ එන්නත් නොමිලේම ලබාගන්න පුළුවන්.
අපේ රටේ පශු සම්පත් ක්ෂේත්රය ආරක්ෂා කරගන්න සහ සතුන්ගේ නිරෝගීභාවය තහවුරු කරගන්න මේ වැඩසටහන ගොඩක් වැදගත් වෙනවා. ඒ නිසා තමන්ගේ සතුන්ගේ ජීවිත ආරක්ෂා කරගන්න සහ රෝග පැතිරීම වළක්වන්න මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න කියලා බලධාරීන් ගොවි මහත්වරුන්ගෙන් ඉල්ලා සිටිනවා. මේ ගැන වැඩි විස්තර දැනගන්න ඕන නම් තමන්ගේ ප්‍රදේශයේ පශු වෛද්‍ය කාර්යාලයට කතා කරලා දැනගන්නත් පුළුවන්.

Discussion & Feedback