ලංකා ප්රිමියර් ලීග් (LPL) 2026 අවසන් මහා තරගය ගාල්ල ගැලන්ට්ස් සහ යාපනය කිංග්ස් කණ්ඩායම් අතර පැවැත්වෙනවා. මේ තරගය ක්රීඩා ලෝලීන්ට කිසිදු මුදලක් ගෙවන්නේ නැතුව නොමිලේම ක්රීඩාංගණයට ගිහින් බලන්න පුළුවන් කියලා සංවිධායක මණ්ඩලය නිවේදනය කරලා තියෙනවා. ඒ අනුව ක්රීඩාංගණයේ C සහ D ඉහළ හා පහළ පෙළගැස්මවල් (stands) සඳහා ප්රේක්ෂකයන්ට නොමිලේ ඇතුළු වෙන්න අවස්ථාව ලැබෙනවා. මේ සඳහා ක්රීඩාංගණයේ 4, 5, 6 සහ 7 යන දොරටු විවෘත කර තියෙන අතර, පස්වරු 5.30 සිට ප්රේක්ෂකයන්ට ඇතුළු වෙන්න පුළුවන්.
තරගය පටන් ගන්න කලින් සවස 6.30ට ඉතාමත් වර්ණවත් සමාප්ති උත්සවයක් පැවැත්වෙනවා. මේ උත්සවයේදී උමාරියා සිංහවංශ, රොමේන් විලිස් සහ වස්ති කණ්ඩායම වගේම තවත් දක්ෂ ශිල්පීන් රැසක් සංගීතමය දායකත්වයක් ලබා දෙනවා. ඒ වගේම කූල් ස්ටෙප් සහ අයිලන්ඩ් ස්ටොම්පර්ස් කණ්ඩායම්වල නර්තන අංගත් මෙහිදී දැකගන්න පුළුවන්. මේ සියලුම විනෝදාත්මක අංගවලින් පස්සේ රාත්රී 7.30ට තමයි අවසන් මහා තරගය ආරම්භ වෙන්නේ. ඉතින් ක්රිකට් රසිකයෙක් විදිහට මේ වගේ අවස්ථාවක් මගහැරගන්නේ නැතුව ක්රීඩාංගණයට ගිහින් තරගයේ සතුට විඳගන්න ඔයාලටත් පුළුවන්.

Discussion & Feedback