ප්‍රංශයේ දකුණු දිග ප්‍රදේශයේ ඇති වූ දරුණු ලැව්ගින්නක් නිසා ලෙ පෝර්ජ් (Le Porge) ගම්මානයේ සැඟවී තිබූ දෙවන ලෝක යුද්ධ සමයට අයත් පුපුරණ ද්‍රව්‍ය සහ උණ්ඩ 400ක් පමණ සොයා ගැනීමට බලධාරීන්ට හැකි වුණා. මුලින් මේවා ගෑස් සිලින්ඩර පිපිරීම් ලෙස සිතුවත්, පසුව අනාවරණය වුණේ ලැව්ගින්නේ අධික උෂ්ණත්වය නිසා වසර ගණනාවක් පොළොව යට සැඟවී තිබූ මෙම පැරණි යුද අවි එකින් එක පිපිරෙන්න පටන් ගත් බවයි. ගම්මානයේ නගරාධිපතිවරයා පවසන පරිදි, රාත්‍රී කාලයේදී ඇසුණු එම පිපිරීම් ශබ්දය හරියටම යුද්ධයක් පවතිනවා වගේ භයානක අත්දැකීමක් වුණා. සමහර උණ්ඩ නිවාස හරහා පවා විනිවිද ගොස් තිබූ අතර, මේ නිසා ප්‍රදේශයේ ජනතාව දැඩි බියකට පත් වුණා.
දින දහයක් පුරා පැවති මෙම ලැව්ගින්නෙන් නිවාස 180කට වැඩි ප්‍රමාණයක් විනාශ වී තිබෙනවා. මේ වන විට ගින්න පාලනය කර තිබුණත්, යුද අවි තිබූ ඇතැම් ප්‍රදේශ තවමත් ජනතාවට තහනම් කලාප ලෙස නම් කර තිබෙනවා. ප්‍රංශයේ ගිරොන්ඩ් (Gironde) කලාපයේ හෙක්ටයාර 42,000ක් පමණ මෙම ගින්නෙන් විනාශ වී ඇති අතර, එය දෙවන ලෝක යුද්ධයෙන් පසු ප්‍රංශයේ ඇති වූ විශාලතම ලැව්ගිනි ව්‍යසනයක් ලෙසයි සැලකෙන්නේ. මේ වන විට පවුල් ගණනාවක් තම නිවෙස්වල ඉතිරි වී ඇති සුන්බුන් අතරින් දේපළ සොයමින් සිටින අතර, ප්‍රංශ රජය පවසන්නේ විපතට පත් ජනතාව ක්‍රමයෙන් තම නිවෙස් වෙත නැවත පැමිණෙමින් සිටින බවයි. කෙසේ වෙතත්, තවමත් භූමියේ සැඟවී තිබිය හැකි අනතුරුදායක පුපුරණ ද්‍රව්‍ය පිළිබඳව ජනතාව දැඩි විමසිල්ලෙන් සිටිය යුතු බව බලධාරීන් අනතුරු අඟවනවා.

Discussion & Feedback