මේ දවස්වල ප්‍රංශ රජය අලුත් නීතියක් ගෙනාවා ‘අල්ට්රා ෆාස්ට් ෆැෂන්’ හෙවත් ඉතා වේගයෙන් විලාසිතා වෙනස් කරන Shein, Temu සහ AliExpress වගේ අන්තර්ජාල වෙළඳ ආයතන ඉලක්ක කරගෙන. මේ සමාගම් හරහා ඉතා අඩු මිලට ඇඳුම් විශාල ප්‍රමාණයක් අලෙවි කිරීම පරිසරයට සහ දේශීය ආර්ථිකයට ලොකු හානියක් බවයි ප්‍රංශ බලධාරීන් කියන්නේ. ඒ නිසා, මේ වගේ ආයතනවලින් විකුණන ඇඳුම් සඳහා අමතර බද්දක් අය කරන්න ඔවුන් තීරණය කරලා තියෙනවා. මේ බද්ද 2030 වෙනකොට ඇඳුමක මිලෙන් යුරෝ 20ක් දක්වා ඉහළ යන්න පුළුවන්.
මේ නීතිය යටතේ ඇඳුමක මිල තීරණය වෙන්නේ ඒ ඇඳුම කොපමණ ප්‍රමාණයක් වෙළඳපොළට නිකුත් කරනවාද සහ ඒක අලුත්වැඩියා කිරීමේ වියදම කොහොමද කියන කාරණා මතයි. උදාහරණයක් විදිහට 2026 වෙද්දී ටී-ෂර්ට් එකකට යුරෝ 2ක් සහ ජැකට් එකකට යුරෝ 12ක් වගේ බද්දක් අය කරන්න නියමිතයි. හැබැයි මේ බද්ද ඇඳුමේ මිලෙන් 50%කට වඩා වැඩි වෙන්න බැහැ. මේ තීරණයට චීනය විරුද්ධ වෙලා තියෙන්නේ මේක ජාත්‍යන්තර වෙළඳ නීති උල්ලංඝනය කිරීමක් කියලා කියමින්.
අනිත් පැත්තෙන් මේ සමාගම් කියන්නේ මේ වගේ බදු නිසා සාමාන්‍ය පාරිභෝගිකයන්ගේ මිලදී ගැනීමේ හැකියාව අඩු වෙනවා කියලයි. කොහොම වුණත්, පරිසරය ආරක්ෂා කරගන්න සහ වගකීම් විරහිත විලාසිතා සංස්කෘතිය පාලනය කරන්න ප්‍රංශය ගත් මේ පියවර ලෝකයේම අවධානය දිනාගෙන තියෙනවා. ඉදිරියේදී මේ නීතිය නිසා අන්තර්ජාල ඇඳුම් වෙළඳාමේ ලොකු වෙනසක් බලාගන්න පුළුවන් වෙයි.

Discussion & Feedback